පි‍්‍රයංගනීගේ දේහය මහා මාර්ගයේ තබා ප‍්‍රදේශවාසීහු උද්ඝෝෂණ කරති

228

ගෑස් ළිපක් පුපුරා යෑමෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිට මියගිය 52 හැවිරිදි සිව්දරු මවක් වූ ඩබ්ලිව්. පි‍්‍රයංගනීගේ අවසන් කටයුතු පසුගිය 14 වැනිදා පස්වරුවේ දේවගිරිය පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.

එහිදී මියගිය  කාන්තාවගේ දේහය සුසාන භුමිය කරා රැුගෙන යෑමට පෙර ඇයගේ නිවස ඉදිරිපිට මහා මාර්ගයේ තබා ඥාතින් හා ප‍්‍රදේශවාසීහු උද්ඝොෂණයක් පැවැත්වූහ. මහනුවර, කුණ්ඩසාලේ, නත්තරම්පොත ප‍්‍රදේශයේ දරුවන්ගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා තාවකාලිකව කුලී නිවෙසක උදෑසන ආහාර පිළියෙළ කිරීමට යෑමේදී ඇය මෙම අනතුරට මුහුණපා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණි.

දඹුල්ල – සරත් එරමිනිගම්මන
 

advertistmentadvertistment
advertistmentadvertistment