පි‍්‍රයන්තගේ තනතුර ශී‍්‍ර ලාංකිකයකුටම

186

පකිස්ථානයේ සියල්කොට් නුවර රාජ්කොට් ඇඟලූම් කම්හලේ සාමාන්‍යාධිකාරි ලෙස කටයුතු කරමින් සිටි පි‍්‍රයන්ත කුමාර දියවඩන මහතා අමානුෂික ලෙස ඝාතනයට ලක් වීම හේතුවෙන් හිස් වූ එම තනතුරට තවත් ශී‍්‍ර ලාංකිකයකු පත් කිරීමට එම ආයතනය පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

එලෙස ශී‍්‍ර ලාංකිකයෙක්ම එම තනතුරට පත්කර ඇත්තේ මියගිය පි‍්‍රයන්ත කුමාරට ගෞරවයක් ලෙසිනි. යළිත් එවැනි සිද්ධියක් ඇති නොවන බවට තහවුරු කිරීමද එම පත් කිරීමේ තවත් අරමුණකි.

පි‍්‍රයන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස්තුන් දෙනෙක් ජනවාරි මස 03 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති අතර තවත් සැකකරුවන් දහඅටක් ලබන දෙසැම්බර් 28 වැනිදා යළි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඝාතන නඩුව විභාග වන්නේ පකිස්ථාන ත‍්‍රස්ත මර්දන අධිකරණයේය.

advertistmentadvertistment
advertistmentadvertistment