පි‍්‍රයමාල් ගාල්ලට ජය ගෙනෙද්දී ධනංජය යාපනය දිනවයි

241

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සහ ඩයලොග් ආසිආටා එක්ව සංවිධානය කරන ලද නැෂනල් සුපර් ලීග් කි‍්‍රකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවැති තරග දෙකේදී ජයග‍්‍රහණ වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම සහ යාපනය කණ්ඩායම සමත්විය. එ් පිළිවෙලින් කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් පරාජයට පත් කරමිනි.

කොළඹ එස්.එස්.සී. පිටියේදී ආරම්භ වූ ෂම්මු අශාන්ගේ නායකත්වයෙන් යුත් කොළඹ සහ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ගාල්ල අතර තරගයේදී කඩුලූ 3ක ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම සමත්විය. ලකුණු 213ක පහසු ඉලක්කයක් හඹාගිය ගාල්ල ඉනිමේ පළමු කඩුලූ 5 මුළු ලකුණු 93කදී බිඳ වැටුණි. අනතුරුව හය වැනි කඩුල්ලට පිටියට එක් වූ පි‍්‍රයමාල් පෙරේරා සහ රමේෂ් මෙන්ඩිස් ලකුණු 110ක සම්බන්ධතාවක් ගාල්ල ඉනිමට එක් කළේය. කැපී පෙණුන ඉනිමක් දියත් කළ පි‍්‍රයමාල් පෙරේරා පන්දු 112කදී නොදැවී ලකුණු 98ක් රැුස් කරමින් ගාල්ල කණ්ඩායම ජයග‍්‍රහණය සඳහා රැුගෙන යෑමට සමත්විය. ඊට හතරේ පහර 11ක් සහ හයේ පහර එකක්ද අතුළත් විය. රමේෂ් මෙන්ඩිස් පන්දු 62කදී හතරේ පහර 2ක් සමගින් ලකුණු 37ක් රැස් කළේය.

පි‍්‍රයමාල් ගාල්ලට  ජය ගෙනෙද්දී ධනංජය යාපනය දිනවයි

කොළඹ ඉනිම වෙනුවෙන් ලකුණු 46ක් වාර්තා කිරීමට කි‍්‍රෂාන් සංජුල සමත්විය. ඊට පන්දු 81ක් වැය වෙද්දී හතරේ පහර 4ක් පමණක් එම ඉනිමට ඇතුළත් විය. කොළඹට වේගවත් ආරම්භයක් ගෙන දුන් කුසල් මෙන්ඩිස් පන්දු 27කදී ලකුණු 37ක් ලබා සිටියදී මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. මෙන්ඩිස්ගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 7ක් ඇතුළත් විය.

නවනිදු ප‍්‍රනාන්දු ලකුණු 30කින් සහ අෂේන් බණ්ඩාර ලකුණු 34කින් කොළඹ ඉනිම ශක්තිමත් කරද්දී ෂම්මු අශාන් ලකුණු 21ක් රැුස් කළේය.

කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේ පැවැති ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් යාපනය සහ අශාන් පි‍්‍රයන්ජනගේ නායකත්වයෙන් යුත් දඹුල්ල අතර තරගයේදී ලකුණු 176ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට යාපනය කණ්ඩායම සමත්විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය කණ්ඩායම පන්දුවාර 47.1කදී සියලූ දෙනා දැවී ලකුණු 255ක් වාර්තා කිරීමට සමත්විය. ජයග‍්‍රාහී ඉලක්කය හඹා ගිය දඹුල්ල කණ්ඩායම පන්දුවාර 25.5කදී සියලූ දෙනා දැවී ලකුණු 79කට සීමා විය.

දඹුල්ල පිතිකරුවන් අසරණ කර දැමූ ධනංජය ද සිල්වා පන්දුවාර 4ක් කි‍්‍රයාත්මක කරමින් නිලකුණු පන්දුවාර 2ක් සමගින් ලකුණු 5කට කඩුලූ 3ක් බිඳ දැමීය. ඊට අමතරව ඉෂාන් ජයරත්න, ජෙෆ්රි වැන්ඩර්සී සහ දිලූම් සුදීර් කඩුලූ 2 බැගින් බිඳ දැමීය.

දඹුල්ල වෙනුවෙන් වැඩිම ලකුණු රැුස් කළ අශාන් පි‍්‍රයන්ජන් ලකුණු 32ක් රැුස් කළේය.

යාපනය ඉනිම ශක්තිමත් කිරීමට වැඩි දායකත්වයක් සැපයූ ධනංජය ද සිල්වා පන්දු 64කදී හතරේ පහර 10ක් සමගින් ලකුණු 69ක් යාපනය ලකුණු පුවරුවට එක් කළේය. සදීර සමරවික‍්‍රම පන්දු 41කදී හතරේ පහර 7ක් සමගින් ලකුණු 40ක් සහ ඉෂාන් ජයරත්න පන්දු 44කදී හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 44ක් රැුස් කළේය.

ලකුණු සාරාංශය

කොළඹ සහ ගාල්ල

කොළඹ කණ්ඩායම පන්දුවාර 47.3කදී සියලූ දෙනා දැවී ලකුණු 213යි (කුසල් මෙන්ඩිස් 37, කි‍්‍රෂාන් සංජුල 46, නවනිදු ප‍්‍රනාන්දු 30, ෂම්මු අශාන් 21, අශේන් බණ්ඩාර 34, මහීෂ් තීක්ෂණ 42/3, රමේෂ් මෙන්ඩිස් 31/2, ධනංජය ලක්ෂාන් 46/2, ජෙහාන් ඩැනියෙල් 23/1,)

ගාල්ල කණ්ඩායම පන්දුවාර 42.4කදී කඩුලූ 7ක් දැවී ලකුණු 215යි (ධනංජය ලක්ෂාන් 29, හිමාෂ ලියනගේ 18, පි‍්‍රයමාල් පෙරේරා (නොදැවී) 98 , රමේෂ් මෙන්ඩිස් 37, ප‍්‍රභාත් ජයසූරිය 40/2, කවිඳු නදීෂාන් 43/2,)

යාපනය සහ දඹුල්ල

යාපනය කණ්ඩායම පන්දුවාර 47.1කදී සියලූ දෙනා දැවී ලකුණු 255යි (සදීර සමරවික‍්‍රම 40, ළහිරු තිරිමාන්න 28, ධනංජය ද සිල්වා 69, සන්තුෂ් ගුණතිලක 33, ඉෂාන් ජයරත්න 44, ලක්ෂාන් සඳකැන් 44/3, විශ්ව ප‍්‍රනාන්දු 41/3)

දඹුල්ල කණ්ඩායම පන්දුවාර 25.5කදී සියලූ දෙනා දැවී ලකුණු 79යි (රොන් චන්ද්‍රගුප්ත 13, අශාන් ප‍්‍රියන්ජන් 32, ලක්ෂාන් සඳකැන් 10, ධනංජය ද සිල්වා 5/3, ජෙෆ්රි වැන්ඩර්සී 12/2, දිලූම් සුදීර 10/2, ඉෂාන් ජයරත්න 22/2)

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment