පීඑස්එල් ශූරතාවය මුල්තාන් සුල්තාන්ට

158

 පකිස්තාන සුපර් ලීග් ක‍්‍රිකට් ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට මුල්තාන් සුල්තාන් කණ්ඩායම පෙරේදා (24 වැනිදා) සමත් විය.
 
 පළමුවරට අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ මුල්තාන් සුල්තාන් කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් රැුස්කළ ලකුණු 206 ඉලක්කයට තවත් ලකුණු 47 ක් මෙපිටින් නතර වීමට සිදු වූ පෙෂාවර් ෂල්මි කණ්ඩායමට තෙවැනි වරටත් එහි අනුශූරතාවය හිමිවිය.
 
 මුල්තාන් සුල්තාන් කණ්ඩායමේ ෂොයෙබ්
 
 මැක්සුඞ් නොදැවී ලකුණු 65 ක් ලැබූ අතර රිලී රොසොව්වේ ලකුණු 50 ක් ද නායක මොහමඞ් රිස්වාන් ලකුණු 30 ක් ද ලබා ගත්තේය. සමීන් ගුල් සහ මොහොමඞ් ඉම්රාන් දැවී ගිය කඩුලූ හතර තමන් අතරේ සමව බෙදා ගත්තේය. පෙෂාවර් ෂල්මි කණ්ඩායම වෙනුවෙන් ෂොයෙබ් මලික් ලකුණු 48 ක් ද, කම්රන් අක්මාල් ලකුණු 36 ක් ද, ලබා ගත් නමුත් ඉම්රාන් තහීර් ප‍්‍රමුඛ මුල්තාන් සුල්තාන් පන්දු යවන්නන් හමුවේ ඔවුන්ට අනු ශූරතාවයෙන් සෑහීමට පත්වන්නට සිදුවිය. ඉම්රාන් කහීර් කඩුල් 3 ක් ද, ඉම්රාන් ඛාන් කඩුලූ 2 ක් ද, බ්ලෙසින් මුෂරබානී කඩුලූ 2 ක්ද දවා ගත්හ. අබුඩාබිහි පැවති එම අවසන් තරගයේ වීරයා සම්මානය ෂොයෙබ් මැක්සුඞ්ට හිමිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment