පීටර්සන් ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් විශ‍්‍රාම ගනී

230

නවසීලන්ත කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ තුන් ඉරියව් කී‍්‍රඩිකා ඇනා පීටර්සන් ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් විශ‍්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

 2012 වසරේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව සිය මංගල ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයට කී‍්‍රඩා කළ පීටර්සන් එම කාලය තුළදී එක්දින තරග 32ක් විස්සයි විස්ස තරග 33කදී නවසීලනතය නියෝජනය කර තිබේ. එහිදී සමස්ත ජාත්‍යන්තර කඩුලූ 45ක් දවා ගැනීමට ඇය සමත්වී තිබේ.

 31 වැනි වියේ පසුවන ඇනා පීටර්සන් නවසීලන්ත කාන්තා කි‍්‍රකට් විස්සයි විස්ස තරග ඉතිහාසයේදී කඩුලූ ති‍්‍රත්වයක් වාර්තා කළ එරට පළමු කී‍්‍රඩිකාව ලෙසින් වාර්තා පොතට එක්වී තිබේ. ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේදී ආකෘති දෙකම යටතේ පන්දුවෙන් සහ පිත්තෙන් දක්ෂතා දක්වා ඇති ඇනා එහිදී පන්දුවාර විස්සයි විස්ස තරගවලදී මුළු ලකුණු 92ක් සහ එක්දින තරගවලදී මුළු ලකුණු 279ක් රැස්කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment