පීටර් ඒ. පිල්ලේ පියතුමන් අනුස්මරණ කුසලානය ශාන්ත ජෝසප් පිලට

144

නිරාන් ජයසුන්දර සහ මිතිර තෙනුරගේ පිති ප‍්‍රහාරයෙන් සහ ළහිරු අමරසේකරගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් ශාන්ත පීතර විදුහලට එරෙහිව පැවැති එක්දින කි‍්‍රකට් තරගය ලකුණු 85කින් ජය ගැනීමට ශාන්ත ජෝසප් විදුහල් කී‍්‍රඩකයෝ ඊයේ (16 වැනිදා* සමත්වූහ. එ් අනුව ‘පීටර් එ්. පිල්ලේ පියතුමන් අනුස්මරණ කුසාලනය’ මෙවර තමන් සතුකර ගැනීමට ශාන්ත ජෝසප් කණ්ඩායමට හැකියව ලැබිණි.

ලකුණු 201ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශාන්ත පීතර ඉනිම පන්දුවාර 35යි පන්දු 2දී ලකුණු 115කට සීමා කිරීමට ජෝසප් විද්‍යාලයේ ළහිරු අමරසේකර ප‍්‍රමුඛ පන්දු යවන්නන් සමත්විය. ආරම්භක පිතිකරු ෂෙනාල් බොතේජු පන්දු 59කින් ලකුණු 48ක් ලබා ගනිද්දී මැදපෙළ පිතකරු නිපුනක ෆොන්සේකා ලකුණු 31ක් රැුස් කළේය. එ් හැරුණුකොට කිසිදු පීතර පිතිකරුවකුට ලකුණු අතරට පිවිසීමට ඉඩ ලබා නොදුන් ජෝසප් පන්දු යවන්නෝ පීතර ඉනිමේ පිතිකරුවන් 5 දෙනකුම ලකුණු නොලබා කී‍්‍රඩාගාරයට හරවා යැවීමට සමත්වීම කැපී පෙණුනි.

සුපිරි පන්දු යැවීමක නිරත වූ ළහිරු අමරසේකර සිය පන්දුවාර 10 තුළදී ප‍්‍රවාදීන්ට ලකුණු 36ක් පමණක් ලබා දී කඩුලූ 5ක් බිඳ දැමීමට සමත්විය.

කොළඹ එස්.එස්.සී. කී‍්‍රඩාංගණයේදී පැවැති අදාළ තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ජෝසප් පිතිකරුවෝ පන්දුවාර 49.1කදී සියලූ දෙනා දැවී ලකුණු 200ක් වාර්තා කළේය. ජෝසප් ඉනිම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් වෙත කැඳවාගෙන ආ නිරාන් ජයසුන්දර සහ මිතිර තෙනුර අර්ධ ශතක වාර්තා කළේය. එ් අනුව නිරාන් පන්දු 101කදී ලකුණු 58ක් සහ මිතිර පන්දු 89කදී ලකුණු 52ක් රුස් කරද්දී පන්දු 39කට මුහුණ දුන් දිනාල් අනුරාධ ලකුණු 30ක් ජෝසප් ඉනිමට එක් කළේය.

ලකුණු සාරාංශය

ශාන්ත ජෝසප් ඉනිම පන්දුවාර 49.1කදී 200/10 (ෂෙරාන් ෆොන්සේකා 18, නිරාන් ජයසුන්දර 58, මිතිර තෙනුර 52, දිනාල් අනුරාධ 30, දනාල් හේමානන්ද 30/2, චමල්ක ද සිල්වා 27/2*

ශාන්ත පීතර ඉනිම පන්දුවාර 35.2කදී 115/10 (ෂෙනාල් බෙතේජු 48, නිපුනක ෆොන්සේකා 31, දනාල් හේමානන්ද 14, ළහිරු අමරසේකර 36/5, යසිත රූපසිංහ 17/2, දේශාන් සෙනෙවිරත්න 14/2*

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment