පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම “විශිෂ්ට භාවිතයන්-2022” සඳහා යුරෝපීය සම්මානය හිමිකර ගනී

75

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ (European Society Quality Research – ESQR) මගින් වාර්ෂිකව හොඳම භාවිතයන් ඇගයීම සඳහා පිරිනමන “විශිෂ්ට භාවිතයන් 2022” (Best Practices 2022) සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය.

බෙල්ජියමේ බ්‍රසල්ස්හි පැවැති මෙම සම්මාන උළලේදී පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපති, ප්‍රදීප් අමිර්තනායගම් සහ පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, ෂමින්ද්‍ර මර්ස‘ලීන් විසින් මෙම සම්මානය ලබා ගනු ලැබීය.

යුරෝපය, ආසියාව, ඇමරිකාව, අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව යන මහද්වීපයන් හි නිර්දේශිත රාජ්‍ය පරිපාලන සමාගම් සහ සංවිධාන අතරින් මෙම සම්මානය ප්‍රථමවරට ශ්‍රී ලංකාවට හිමිකරදීමට හැකිවීම පිපල්ස් ලීසිං සමාගම ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි. මීට පෙර මෙම සම්මානය ලබා ඇති ජාත්‍යන්තර සමාගම් අතර, BMW සමූහය (ජර්මනිය), Konica Minolta (ජපානය), State Bank of India (ඉන්දියාව), Cathay Pacific Airways (හොංකොං-චීනය), Air Canada (කැනඩාව) සහ United Airlines (ඇමරිකා එක්සත් ජනපදය) වෙති.

පීපල්ස් ලීසිං සමාගමේ සභාපති, ප්‍රදීප් අමිර්තනායගම් (වමේ සිට දෙවැන්නා) ESQR හි ප්‍රධාන විධායක මයිකල් හැරිස් වෙතින් 2022 විශිෂ්ට භාවිතයන් සඳහා යුරෝපීය සම්මානය ලබාගත් අවස්ථාව. පීපල්ස් ලීසිං සමාගමේ සාමාන්‍යාධිකාරී /ප්‍රධාන විධායක නිලධාරී, ෂමින්ද්‍ර මර්ස‘ලීන්ද යන මහත්වරු ඡායාරූපයේ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment