පීපල්ස් ලීසිං සමාගම CSE Masterminds Quiz-2022 හි මුල්‍ය අංශයේ ප්‍රථමයා බවට පත්වේ

60

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනය වන පීපල්ස් ලීසිං සමාගම විසින් කොළඹ කොටස් වෙළඳපොළ මඟින් සංවිධානය කළ Masterminds Quiz – – 2022 හි 4වන අදියරයේ මූල්‍ය අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.

බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදී පසුගියදා පැවති මෙම තරඟාවලියට දිවයින පුරා පිහිටි පෞද්ගලික හා රාජ්‍ය අංශයේ බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන නියෝජනය කරමින් කණ්ඩායම් 67ක් තරඟ වැදුණි.

සහභාගි වූ කණ්ඩායම් ඔවුන්ගේ මූලික ව්‍යාපාරික ක්ෂේත්‍රය මත පදනම්ව කාණ්ඩ 7කට බෙදා එක් එක් කාණ්ඩයන් හි විශිෂ්ටතා ඇගයිමට ලක් කෙරුණු අතර ප්‍රධාන වශයෙන් මෙම තරඟයේදී අවධානය යොමුවූයේ ගෝලීය ආර්ථික සහ ප්‍රාග්ධන වෙළඳපොල, ක්‍රීඩා සහ විනෝදාස්වාදය, ජාත්‍යන්තර ව්‍යාපාර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය, කොටස් වෙළෙඳපොළ යන ක්ෂේත්‍රයන්ය.

මෙම ජයග්‍රහණය ලබාගැනීමට චමෝද්‍යා ගුණවර්ධන, ශිරංග අර්සකුලරත්න, ප්‍රසාදි එන්. ලීලාරත්න, තරංග ගම්ලත් සහ එරන්දති කුමාරසේන පීපල්ස් ලීසිං සමාගම නියෝජනය කරනු ලැබීය.

ජයග්‍රාහී කණ්ඩායම (ඡායාරූපයේ වමේ සිට දකුණට) ශිරංග අර්සකුලරත්න, ප්‍රසාදි එන්. ලීලාරත්න, චමෝද්‍යා ගුණවර්ධන, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ කළමනාකාර රන්දිල් සිරිවර්ධන, එරන්දති කුමාරසේන, තරංග ගම්ලත් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment