පීබී අස්වෙයි – ජනපති අස්වීම භාර ගනී – පීබීටම චෝදනා කිරීම වැරදියි – ජනපති

558

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය මීට දින කිහිපයකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබේ.

ජයසුන්දර මහතා 2022 ජනවාරි 31 දක්වා ජනාධිපති ලේකම් ධුරයේ රාජකාරී කරනු ඇති බව ද ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ගවලින් ‘දිවයින’ ට වාර්තා වේ.

ජයසුන්දර මහතා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දී දැනට සතියක පමණ කාලයක් ගත වී ඇති අතර ජනාධිපතිවරයා ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීම පිළිගත් බවට නිල වශයෙන් ඒ මහතාට දැනුම් දී නොමැති බව ද එම ආරංචිමාර්ගවලින් තවදුරටත් ‘දිවයින’ ට වාර්තා වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment