පීසීආර් ලක්ෂ 61 ක් ඇන්ටිජන් ලක්ෂ 24 ක්

139

කොවිඞ් වසංගතය ආරම්භයේ සිට මේ දක්වා ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් පී. සී. ආර්. පරීක්‍ෂණ ලක්ෂ 61 ක් සහ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ ලක්ෂ 24 ක් සිදුකර ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛi සුදත් ධර්මරත්න මහතා ‘දිවයින’ ඉරිදා සංග‍්‍රහයට පැවසීය.

දිවයින පුරා ඇති රසායනාගාර 49 කදී පී. සී. ආර්. පරීක්‍ෂණ සිදුකරන බවද හෙතෙම කීය.

දිනපතා සිදුකරන පී. සී. ආර්. ප‍්‍රමාණය අඩුකර නොමැති බව ද ඒ මහතා සඳහන් කළේය.

පී. සී. ආර්. පරීක්‍ෂණ කටයුතු ලැබෙන පරිදි අඛණ්ඩව සිදු කරගෙන යන බව ද හෙතෙම කීය.

වර්තමානයේ ඔමික්‍රොන් ප‍්‍රභේදය පැතිර යෑමට හේතුව මහජනතාව මුව ආවරණ නිසි ලෙස නොපැළඳීම බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment