පීසීආර් සහ ඇන්ටිජන් සඳහා උපරිම මිලක් එයි

388

කොවිඩ් ආසාදිත දැයි පරීක්ෂා කිරීම සඳහා මේ වන විට පෞද්ගලික ආයතන යටතේ සිදුකරන පීසීආර් පරීක්ෂාවක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සඳහා උපරිම මිලක් නියම කළ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය.

ඒ අනුව පෞද්ගලික ආයතනයකින් පීසීආර් පරීක්ෂාවක් සිදුකිරීමේ උපරිම ගාස්තුව රුපියල් 6500ක් ලෙසත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සඳහා උපරිම රුපියල් 2000ක මුදලක් අය කළ හැකි බවද ඇය සඳහන් කළාය.

එයට අදාළ ගැසට් නිවේදනය හෙට (12) දින නිකුත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරිය කීවාය.

advertistmentadvertistment
advertistmentadvertistment