පී. එච්. අයි.ට කෙළ ගැසූ සැකකරු රිමාන්ඩ්

106

ගිරිඋල්ල පුස්කොලදෙණිය ප‍්‍රදේශයේ දී රාජකාරියේ යෙදී සිටි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයකුට කෙළ ගැසූ අයකු ගිරිඋල්ල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 17 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කුලියාපිටිය මහෙස්ත‍්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මිය ඊයේ (04 දා) නියම කළාය.

එලෙසින් රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ ගිරිඋල්ල පුස්කොලදෙණිය ප‍්‍රදේශයේ පදිංකරුවකු වූ අතර වසම භාර මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා රාජකාරි කටයුත්තකට යමින් සිටියදී අදාළ සැකකරු විසින් බලපෑම් කර එසේ කෙළ ගසා තිබූ බවට පොලිසිය අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

එමෙන්ම අදාළ සැකකරු නාරම්මල ප‍්‍රදේශයේ පදිංචි අයෙකි. බිරිඳගෙන් හා පුතණුවන්ගෙන් වෙන්ව කටයුතු කරමින් සිටි කෙනෙකි. කොවිඞ් ආසාදිත වී ඇතැයි කියන බිරිඳ හා පුතණුවන් බැලීමට අදාළ ප‍්‍රදේශයට යෑමේ දී මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා එම මව හා පුතණුවන් ආසාදිතයන් බැවින් යෑමට අවසර දිය නොහැකි බව පැවසා ඇත. එහිදී සැකකරු එසේ රාජකාරියට බාධා කළ බවත් පොලසිය අධිකරණයට කරුණු දැක්වීය.

සාපරාධී බලහත්කාරය, නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ආදී චෝදනා රැුසක් පිළිබඳ කරුණු ගෙනහැර පාමින් බී වාර්තාවක් මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය එහිදී සැකකරු සම්බන්ධව ඇප ලබාදීමට විරෝධය පලකර සිටියහ.

මහේස්ත‍්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මිය සැකකරු වෙනුවෙන් කළ ඇප අයැදුම ප‍්‍රතික්‍ෂේප කරමින් එසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළාය.

ගිරිඋල්ල පොලිසියේ පොලිස් පරීක්‍ෂක තෙන්නකෝන් මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු කී අතර නීතීඥ උපුල් අලගියවන්න මහතා සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment