පී.සී.ආර්. දුරදිග ගොස් හතර දෙනෙක් රෝහල්ගත කෙරෙති

199

පුත්තලම මූලික රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණයට පැමිණි නොරොච්චෝලේ තාප බලගාරයේ සේවක පිරිසක් හා රෝහල් ආරක්ෂක අංශය අතර බහින් බස් වීමක් දුරදිග ගොස් ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ 04 දෙනෙකු ප‍්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් තිබේ.

පුත්තලම මූලික රෝහලේදී 05 වැනිදා සවස කොරෝනා වාට්ටුව ආසන්නයේ මෙම ගැටුම හට ගෙන තිබේ. කොරෝනා වාට්ටුවේ රෝගියකු අසල සත්කාරයට සිටි අයෙකු වාට්ටුව තුළ යම් කලබල කිරීමක් සිදු කර ඇති බව එම වාට්ටුවෙන් රෝහල් ආරක්ෂ අංශයට දැනුවත් කර තිබේ. එම පුද්ගලයා රෝහල් ආරක්ෂක අංශය විසින් වාට්ටුවෙන් එළියට ගෙන එන අවස්ථාවේ පී.සී.ආර්. පරීක්ෂණයට පැමිණ සිටි අය ළඟ සිටි අයෙකු ඔහුගේ ජංගම දුරකථනයෙන් මෙම සිදුවීම වීඩියෝ ගතකර ඇත. එම අවස්ථාවේ රෝහල් ආරක්ෂක අංශය විසින් එය වීඩියෝ නොකරන ලෙසත් වීඩියෝ කළ කොටස් මකා දමන ලෙසත් ඔවුන්ට දැනුම්දී ඇත. එම

අවස්ථාවේ ඇති වූ කථා බහක් දුරදිග යෑමෙන් අනතුරුව මෙම ගැටුම සිදුවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවර්ණය වී ඇති බවත් ඔවුන් නොරච්චෝලේ ලක් විජය තාප  බලාගාරයේ කොන්ත‍්‍රාත් පදනම මත සේවයට එක් කරගෙන ඇති සේවකයින් කිහිප දෙනෙක් බවත් පුත්තලම පොලිසිය සඳහන් කරයි.

සිද්ධියට සම්බන්ධ බව කියන නොරච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ කොන්ත‍්‍රාත් පදනම මත සේවයට පුද්ගලයින් දෙදෙනෙකුව පුත්තලම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාල ලබා ඇති ඔවුන් දෙදෙනාද පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගත තිබේ. පහර කෑමට ලක්වූ රෝහල් ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනකු දැනට පුත්තලම රෝහලේ ප‍්‍රථිකාර ලබයි. සිද්ධිය සම්බන්ධව පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment