පී.සී.ආර් ප‍්‍රතිඵල එනවිට ඔක්කොම වෙලා ඉවරයි: ඥාතීන්ට භාරදුන් මෘතදේහයක් මොනරාගල රෝහලෙන් යළි ගෙනයයි

95

මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (13 දා) මියගිය පස්දරු මවකට ‘කොවිඞ් 19’ වෛරසය ආසාදනය වී ඇති බැව් හෙළිවීමෙන් අනතුරුව මෘතදේහය නැවත මොනරාගල රෝහලට ගෙනැවිත් තිබේ.

ඔක්කම්පිටිය, මාලිගාවිල, මිණිපුරගම පදිංචි ඞී.එම්. බණ්ඩාර මැණිකා (75) නමැති පස්දරු මවක් 13 වැනිදා උදෑසන රෝහලේදී මියගොස් ඇත.

පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා ඇයගේ සෙම් සාම්පල යොමුකර තිබියදී රෝහල මගින් ඇයගේ මෘතදේහය ඥාතීන්ට භාරදී ඇත.

බුත්තල ප‍්‍රදේශයේ මල්ශාලාවක් මගින් දේහය එම්බාම්කොට ඥාතීන්ට භාරදී ඇත.

එදින සවස ඇයගේ පී.සී.ආර් වාර්තාව ලැබී ඇති අතර ඇයට ‘කොවිඞ් 19’ වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ.

පසුව වහා ක‍්‍රියාත්මක වූ මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහල 1990 සුවසැරිය ගිලන් රථයක් මගින් මහ ? නිවසට ගොස් මෘතදේහය ආපසු රෝහලට ගෙනැවිත් තිබේ.

ඇයගේ මෘතදේහය නිවසේ තැන්පත්කර තිබියදී ගම්වාසීන් සහ ඥාති හිතවතුන් විශාල පිරිසක් නිවසට පැමිණ අවසන් ගෞරව දක්වා ඇත.

මියගිය කාන්තාවගේ අවසන් කටයුතු සෞඛ්‍ය උපදෙස් මත ඊයේ (14 දා) මොනරාගල ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතව තිබිණි.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment