පුංචි කාලේ වතුර බේසමේ සෙල්ලම් කිරීමත් යුග දිවියට බලපානවා

1125

කුඩා කල බොහෝ දෙමාපියන් තම දරුවන් වයස අවුරුදු පහක් පමණවන තුරු වතුර බේසමක දරුවන්ට සෙල්ලම් කිරීමට ඉඩ සලසා දෙන්නේ නිසි අවබෝධය නිසා නොවිය හැකිය. නමුත් මෙහි විද්‍යාත්මක සත්‍යයක් ඇත. එනම් කුඩා කල දරුවන් මෙලෙස වතුර බේසමක පැයක් පමණ සිටීමේදී ඔවුන්ගේ ලිංගික පද්ධතිය හොඳින් වර්ධනයට විශාල පිටිවහලක් සැලසේ.

 යුග දිවියකට සිහින මවන බොහෝ යුවතිපතීන් එම සිහිනය සැබෑකරගත් පසු එහි මිහිර විඳින්නේ කෙටි කාලයකි.

 යුග දිවියට වසරක් දෙකක්ගත වනවිට දෙදෙනා දිවි ගෙවන්නේ දෙදෙනකු ලෙසය. එක වහලක් යට එක සෙවණේ එකට ඉන්නට පෙරුම් පුරා මෙලෙස දෙදෙනෙක් ලෙස දිවිගත කරන්නේ ඇයි දයි කියා විමසා බැලීම වටී.

 වෛද්‍යතුමනි, යුගදිවියට පිවිසෙන බොහෝ යුවතපතීන් ටික කලකින් විරසක වන්නේ ඇයි?

 යුග දිවියට පිවිසෙන්නට යුවතිපතීන් බවට පත්වන කාන්තාවන් සහ පිරිමින්ට ළමා කාලයක් සහ නව යොවුන් අවධියක් පවතී.

 මෙම කාලයේදී ඔවුන් තුළ ඇතිව කායික සහ මානසික වර්ධනයන්ගේ දුර්වලතා මේ සඳහා ප‍්‍රධාන වශයෙන් බලපාන බව මහා සෘෂි නාඩි වෛද්‍යවරු පවසා ඇත.

 කුඩා කල දෙමාපියන්ගේ නිසි ආදාරය නොලැබුණහොත් කිසියම් හිංසා පීඩාවකට ලක්වුවහොත් ඔවුන් තුළහට ගන්නා මානසික පීඩනය සදාකාලික බව සිතේ පවතී. එය විවාහ වූ විටදී ද පවතින අතර එහිදී සැමියාට හෝ බිරිඳට විවාහයේදී යම් මානසික පීඩනයක් ඇතිවූ විට මෙය මතුවේ.

 නිදසුනක් ලෙස සැමියාට බිරිඳගෙන් නිසි ලෙස ආදරය, ගරු සරුව, සැලකුම් නොලැබෙනවිට ඔහුට තම කුඩා කල ඇතිවූ කායික හෝ මානසික පීඩනය සිහිපත් වේ. විවාහයේදී තමාට එය අත්විඳින්නට සිදුවන බව සිතමින් බියට පත්වන ඔහු ඉන් මිදීමට බිරිඳගෙන් ඈත් වීමට උත්සාහ කරයි. එහිදී වෙනත් ඇසුරකට යොමුවීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍යවලට යොමුවීම, නිවසින් බැහැරව කාලය ගත කිරීමට උත්සාහ කරයි. බිරිඳට ද මෙය එලෙසම බලපාය.ි

 ඒනිසා විවාහ වන යුවතිපතීන් දෙදෙනා බාහිරින් දකින රූපයට අමතරව තම තමුන්ගේ ජීවිතයේ අත්විඳි දුක් කම්කටොලූ ගැනද එකිනෙකා වටහා ගත යුතුය. සාර්ථක විවාහයකදී දෙදෙනා අතර රහසක් පවතින්නේ නැත.

 ඒනිසා දෙදෙනා අතර රහස් වැඩිවන තරමට විවාහයේදී ඒ සමානව දෙදුරුම් කෑමට ලක්වේ.

 මීට අමතරව දෙදෙනා අතර පවතින ලිංගික ආශාවන් ද විවාහයක පැවැත්මට බලපාන ප‍්‍රධාන සාධකයක්ව පවතී.

 බිරිඳට සැමියා එපා වන්නේත් සැමියාට බිරිඳ එපා වන්නේත් මෙම ලිංගික ආශාවන් එකිනෙකට විරුද්ධ වූ විටදීය.

 වර්තමානයේ අපට හමුවන බොහෝ විවාහක යුවතිපතීන්ගේ ගැටලූ සම්බන්ධව විමසා බැලූවිට ඔවුන් පවසන්නේ මෙම ලිංගික ගැටලූය.

 බිරිඳගේ ආශාවන් දැන හඳුනාගැනීමට සැමියා අපොහොසත් වී ඇත. සැමියාගේ ආශාවන් හඳුනාගැනීමට බිරිඳට අවශ්‍යතාවයක් නොවී තිබේ. මෙය ඉතා බරපතළ ගැටලූවකි.

 ඇතැම් විවාහක කාන්තාවන් දරුවන් ලදවිට සැමියාගෙන් ඈත් වීමට උත්සාහ කරයි.

 දැන් මට එයාගෙන් දරුවෙක් ලැබුණනේ. තවත් එයා සමග ලිංගික එක්විය යුතු නැතැයි සිතයි.

 කාන්තාවන්ට ඉතා ඉක්මනින් සිය  ලිංගික ආශාවන් අවසන් වේ. නමුත් පිරිමින්ට එසේ නැත. ඔවුනට කායික දුර්වලතාවයක් නොමැතිතාක් කල් එම ආශාව පවතී.

 ඒනිසා මෙය නිසිලෙස වටහා ගැනීමට දෙදෙනාම උත්සාහගත යුතුය.

 මෙහිදී බොහෝ යුවතියන් පවසන්නේ තමුන් ලිංගික කි‍්‍රයාවන්ට අකමැති එහිදී ඇතින වේදනාවන් සහ  ලිංගික පද්ධතියේ පවතින රෝගබාධා බවය.

 මේ අතර ඇතැම් පිරිමින් පවසන්නේ තමාට නිසිලෙස ලිංගික කටයුතුවල යෙදිය නොහැකි බවය.

 ඒ සඳහා ඔවුනට නොයෙකුත් කායික සහ මානසික රෝග බාධා බලපා ඇත.

 කුඩා කල බොහෝ දෙමාපියන් තම දරුවන් වයස අවුරුදු පහක් පමණවන තුරු වතුර බේසමක දරුවන්ට සෙල්ලම් කිරීමට ඉඩ සලසා දෙන්නේ නිසි අවබෝධය නිසා නොවිය හැකිය.

 නමුත් මෙහි විද්‍යාත්මක සත්‍යයක් ඇත. එනම් කුඩා කල දරුවන් මෙලෙස වතුර බේසමක පැයක් පමණ සිටීමේදී ඔවුන්ගේ ලිංගික පද්ධතිය හොඳින් වර්ධනයට විශාල පිටිවහලක් සැලසේ.

 සිසිල් ජලය තුළ හිඳිනවිට ලිංගික අවයවද හොඳින් කි‍්‍රයාත්මක වේ.

 අතීතයේදී අපේ පැරැුන්නෝ ගංගා, ඇළ, දොළ ජලයෙහි පැයක් පමණ හිඳිමින් ස්නානය කළහ. එසේ කටයුතු කළ ඔවුනට කිසිදු ලිංගික දුර්වලතාවයක් මතුවූයේ නැත.

 වර්තමානයේ අප බොහෝදෙනා සිටින්නේ දවසේ හරි අඩකටත් වැඩි කාලයක් තද යට ඇඳුම් ඇඳගෙනය. මෙය ලිංගික අවයවවල නිසි කි‍්‍රයාකිරීත්වයට බාධාවකි.

 ඒනිසා යුගදිවියට පිවිසෙන යුවතිපතීන් මෙන්ම යුග දිවිය ගතකරන අඹු සැමියන් ද මෙම කරුණු හොඳින් සිහියට ගත යුතුය. මන්දයත් බොහෝ යුගදිවි කඩා ඉහිරෙන්නේ ඉතා සුළු කරුණු මතය.

පුංචි කාලේ වතුර බේසමේ සෙල්ලම් කිරීමත්  යුග දිවියට බලපානවා
පුංචි කාලේ වතුර බේසමේ සෙල්ලම් කිරීමත්  යුග දිවියට බලපානවා

advertistmentadvertistment
advertistmentadvertistment