පුංචි ඡන්දයට ඉදිරිපත්වූ රජයේ සේවකයින්ට වැටුප් ගෙවන හැටි

130


පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධව පියවර ගනිමින් සිටින බව රාජ්‍ය පරිපාලන හා පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඒ අනුව යළි පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන තෙක් රාජ්‍ය සේවයේ යෙදෙන අතර කාලය තුළ දේශපාලන කටයුතු වල නිරත නොවන බවට දිවුරුම් ප්‍රකාශ ලබාගෙන ඔවුනට වැටුප් ගෙවීමට කටයුතු කරන බවද කීවේය.මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය කල් යාම මත ඊට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින් තුන්දහසකට අධික පිරිසක් අසරණව සිටින බව ඩලස් අලහප්පෙරුම,විමල් වීරවංශ සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මන්ත්‍රීවරු විසින් පාර්ලිමේන්තුවේදී අද කළ ප්‍රකාශයන් සම්බන්ධව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment