පුංචි ඡන්දයට තරග කරන්න පොහොට්ටුවට අයදුම්පත් කැඳවයි

97

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට බලාපොරොත්තු වන්නන්ගෙන් අයඳුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ. පළාත් පාලන මැතිවරණය කැඳවන්නේ යම් මොහොතකද එම අවස්ථාවේදී ඊට ශක්තිමත්ව මුහුණ දීම සඳහා පෙර සුදානමක් ලෙස මෙලෙස අයඳුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.

පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමට මේ වනවිටත් විවිධ පාර්ශ්ව වෙතින් නෙළුම් මාවත පක්‍ෂ මූලස්ථානය වෙත ඉල්ලීම් ලැබෙමින් පවතින බවත් ඒ තත්ත්වය සැලකිල්ලට ගනිමින් විනිවිදභාවයෙන් යුතු විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ එම ඉල්ලීම් එක්රැස් කර ගැනීම සිදුකරන බවත් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙක් සඳහන් කළේය. දැනට සිටින පළාත් පාලන මහජන නියෝජිතයන්ට අමතරව නවක අපේක්‍ෂකයින් ලෙස යහපත් දේශපාලන ආකල්ප දරන තරුණයින් කාන්තාවන් සාමජ නායකයින්, වෘත්තියවේදීන් සහ ව්‍යවසායකයින් කෙරෙහි ප්‍රමුඛතාවයක් ලබාදීමටත් පොදුජන පෙරමුණ අපේක්‍ෂා කරන බවද ඔහු කීවේය. නූතන සමාජ දේශපාලන තත්ත්වයන්ට අනුරූප වන ආකාරයෙන් නවීන දේශපාලන සංස්කෘතියකට ගැලපෙන පරිදි අපේක්‍ෂකත්ව සුදුසුකම් පරීක්‍ෂා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනටමත් අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇතැයි ද හෙතෙම පැවසීය.

ඊට අමතරව දැනට සිටින පළාත් පාලන මහජන නියෝජිතයන් අතර රටේ නීතියට සහ සමාජ සම්මතයන්ට පටහැනිව කටයුතු කර ඇති යමෙකු වේ නම් ඔවුන්ගේ අපේක්‍ෂකත්ව ඉල්ලීම් නීත්‍යානුකූල පදනමක් මත ප්‍රතික්‍ෂේප කිරීමට ද පොදුජන පෙරමුණ තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment