පුංචි ඡන්දයට දැන් සල්ලි හරි – මැතිවරණ කොමසාරිස් ජනරාල් කියයි

156

පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් අවශ්‍ය අවස්ථාවලදී ලබාදීමට මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් එකඟ වූ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා “දිවයින”ට පැවසීය.

භාණ්ඩාගාර නිලධාරීහු පෙරේදා (11දා) මැතිවරණ කාර්යාලයේදී මැතිවරණ නිලධාරීන් හමුවී මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම හා ඒ සඳහා වැය වන මුදල් ප්‍රමාණයන් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී මුදල් අවශ්‍ය වන අවස්ථාවන්හිදී එම ප්‍රමාණයන් භාණ්ඩාගාරයෙන් නිදහස් කිරීමට නිලධාරීන් මැතිවරණ කොමිසමට එකඟ වී ඇත.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment