පුංචි ඡන්දයට නම් ගන්න දින දෙන ගැසට් එක අත ළග

88

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාර ගැනීමේ දින ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපයේදී මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කිරීමට නියමිතය.

නාම යෝජනා පත්‍ර භාරගැනීම දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන් විසින් එම කාර්යාල වලදී සිදු කරනු ඇත.

නාමයෝජනා පත්‍ර භාරගැනීමේ කටයුතු පිළිබඳව සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් හා සහකාර තේරීම්භාර නිලධාරීන් කැඳවා අවශ්‍ය උපදෙස් ලබාදීම පෙරේදා (23දා) මැතිවරණ කොමිසමේදී සිදු විය.

නාම යෝජනා පත්‍ර භාර ගැනීම සිදු කරන අවසන් දිනයේදී ඡන්ද විමසීම සිදු කිරීමට නියමිත දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඡන්ද විමසීම මාර්තු මස මුලදී සිදු කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග පවසයි.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment