පුංචි ඡන්දයට සජබයෙන් සම්මුඛ පරීක්ෂණ

71

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අපේක්‍ෂකයන් තේරීමට සමගි ජනබලවේගය ලබන 29 සහ 30 යන දෙදිනදී සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වීමට නියමිතය.

එම සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වීමට පෙර දින (28 දා) සජබ සියලු ආසන සංවිධායකයන් කොළඹට කැඳවා ඇතැයි එම පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

සමගි ජනබලවේගය ඉදිරි පළාත් පාලන මැතිවරණයට අපේක්‍ෂකයන් තේරීම සඳහා මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මණ්ඩලයක් ද පත්කර ඇත.

මැතිවරණය සඳහා සුදුස්සන් තේරීමේදී දේශපාලන පළපුරුද්ද, ජනප්‍රියත්වය, හැකියාව මෙන්ම දූෂිත නොවන පුද්ගලයන් තෝරා ගැනීම වෙනුවෙන් පක්‍ෂයේ අවධානය යොමුව තිබේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment