පුංචි ඡන්දයට ළඟම දිනයක් අනුර කුමාර මැ.කො.ගෙන් ඉල්ලයි

285

ලබන 03 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීමේදී ආසන්නතම දිනයක් ලබා දෙන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මැතිවරණ කොමිසමේ නිලධාරීන් සමඟ ජාතික ජනබලවේගයේ නියෝජිත පිරිසක් ඊයේ (28 දා) පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

රටේ ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමේ බලය ඇත්තේ කොමිසමට බවත්, කොමිසමට උඩින් විධායක ජනාධිපති, භාණ්ඩාගාර ලේකම් හෝ නීතිපති දෙපාර්තමේන්තුව නැති බවත් පැවසූ හෙතෙම ඔවුන් සියලුදෙනා මැතිරණය පැවැත්වීමට බැඳී සිටින බව ද පැවසීය.

පවතින නීතිය අනුව මැතිවරණය කල් දමනවා නම් දින 21 කට පසු දිනයක් ප්‍රකාශයට පත්කළ යුතු වුවත් තමන් ඒ සඳහා ආසන්න දිනයක් ලබා දෙන ලෙස කොමිසමෙන් ඉල්ලා සිටි බව ද දේශපාලන ව්‍යාපාරත්, මැතිවරණ කොමිසමත් මෙම ඡන්දය පැවැත්විම වෙනුවෙන් මේ වන විටත් විශාල වැය බරක් දරා ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment