පුංචි ඡන්දයේදී මුජිබර් කොළඹට

149

පළාත් පාලන මැතිවරණයේ දී කොළඹ මහ නගරාධිපති ධුරයට තරග කිරීමට සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සූදානම් වන බව එම පක්ෂ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් පක්ෂය තුළ අභ්‍යන්තර සාකච්ඡා සිදු කෙරී ඇති අතර මන්ත්‍රීවරයාගේ ද ඊට අකැමැත්තක් ප්‍රකාශ වී නැතැයි පැවසෙයි.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය නිසි පරිදි පැවැත්වේද එසේත් නැත්නම් ආණ්ඩුව එය කල් දැමීමට ක්‍රියා කරයි ද යන්න සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා දෙගිඩියාවෙන් පසුවන බව ද ඉහත ප්‍රකාශකයා කීය.

පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වෙන්නේ නම් ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය වෙනුවෙන් තරග කිරීමට ක්‍රියා කරනු ඇතැයි ද ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment