පුංචි ඡන්දය ඉක්මන් කරන්න කොමිසමට නියෝග දෙන්න – පෙත්සම් සලකා බලන්න කැඳවීම ජනවාරි 18 දා

44

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට නියෝගයක් කරන්නැයි ඉල්ලා සමගි ජනබලවේගය පක්‍ෂය ඇතුළු විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ගොනු කර තිබූ පෙත්සම් සලකාබැලීම සඳහා ලබන ජනවාරි 18 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (16දා) දින නියම කළේය.

සමගි ජනබලවේගය පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර ප්‍රියදර්ශන යාපා, එම්. ඒ. සුමන්තිරන් හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර යන මහත්වරුන් ගොනුකර තිබූ එම පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනි වික්‍රමසිංහ හා අචල වෙන්ගප්පුලි යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් නම් කර තිබිණි. එම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට ද විනිසුරු මඬුල්ල වැඩිදුරටත් නියෝග කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment