පුංචි ඡන්දය ඉල්ලූ මාලිමාවේ පෙත්සම් විභාග දින නියමයක් නැතුව කල් දමයි

292

පසුගිය මාර්තු 9 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබූ පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමෙන් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කරන ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන්නේ ද නැතිද යන නියෝගය දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (9 දා) පස්වරුවේ තීරණය කළේය.

ජාතික ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රමුඛ තිදෙනකු සහ පැපරල් සංවිධානය විසින් ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම් බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් කේ මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන විනිසුරු මඬුල්ල හමුවේදී සිදු කෙරිණි.

එහිදී පැවැත්වූ මූලික කරුණු දැක්වීම අවසන් කළ විනිසුරු මඬුල්ල එම නියෝගය කළහ. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච්, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය යන මහත්වරුන් දීර්ඝ ලෙස කරුණු දක්වමින් නියමිත දිනට ඡන්දය නොපවත්වා දින නියමයක් නොමැතිව විවිධ හේතු දක්වමින් ඡන්දය කල් දැමීම තුළින් රටේ ජනතාවගේ සර්වජන ඡන්ද බලයට රජය විශාල අගතියක් සිදුකර ඇතැයි පැවසූහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment