පුංචි ඡන්දය කල් දාන්න ප්‍රායෝගික ක්‍රමවේදයක් නෑ

118
  • පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට නාමයෝජනා කැඳවීමේ දැන්වීම් මේ මස අගදී නිකුත් කරන බව මැතිවරණ කොමිසම

ප්‍රකාශයට පත් කර නැති නිසා පළාත් පාලන ඡන්දය කල් දැමීමට ප්‍රායෝගික ක්‍රමවේදයක් පෙනෙන්නට නැතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා දිවයිනට ඊයේ (9 දා) පැවසීය.

යම් හෙයකින් මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව ක්‍රියා කළහොත් ඒ පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.

හෙට්ටිආරච්චි මහතා මෙසේ ද කීවේය.

මැතිවරණ පනතට සංශෝධනයක් ගැනත් තමයි මැතිවරණය කල් දානවා නම් කරන්න වෙන්නේ. පාර්ලිමේන්තු ‘වැකේෂන්’ නිසා එය කරන්න වෙන එකක් නැති බවයි අපේ හැඟීම. ව්‍යවස්ථාදායක සභාව අලුතෙන් පත්කිරීමක් සිදුවුවත් ඉන්පසු පත්වෙන මැතිවරණ කොමිසමටත් නියමිත දිනයේ දී ඡන්දය පැවැත්වීමේ වගකීමක් තිබෙනවා. අපි හිතනවා නියමිත දිනයට පාළාත් පාලන මැතිවරණය කියයි කියලා. පසුගිය දිනක අගමැතිතුමා හමුවූ අවස්ථාවේදීත් එතුමා අපට කිව්වා ඡන්දය කල් දැමීමේ කිසිම සූදානමක් ආණ්ඩුවට නැහැ කියා. යම් කිසිවකින් ඡන්දය කල් දැම්මොත් අපි උසාවි යනවා.
අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment