පුංචි ඡන්දය ගැන කියන්න මැ.කො අධිකරණයට යයි

290

මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම්දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල්, මුදල් අමාත්‍යාංශය මගින් ලබානොදීම ඇතුළු මැතිවරණ කටයුතු පවත්වාගෙන යාමට ඇති බාධා පිළිබඳව එහිදී ඉදිරි දින කිහිපය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් මගින් දැනුවත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවසීය. එසේම මුද්‍රණාලය මගින් මුද්‍රණ කටයුතු ප්‍රමාද කිරීම, ඛනිජ තෙල් සංස්ථාව මගින් ඉන්ධන ප්‍රමාණවත්ව ලබානොදීම, පොලීසිය මුද්‍රණාලයට ආරක්ෂාව ලබානොදීම ඇතුළු කරුණු ද අදාළ මෝසම මගින් දැනුවත් කරන බව නිමල් ජී. පුංචිහේවා මහතා පැවසීය . මැතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබුණ ද එම කාර්යය ඉටු කිරීමට නොහැකි වීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් තම කොමිසම විසින් සිදුකළ යුතු බව ඔහුද වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment