පුංචි ඡන්දය ‘පත්තුවෙයි’ නාම යෝජනා කැඳවීමේ නිවේදනය 27 දා – 30 දා අතර

264

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා පත්‍ර කැඳවීමේ නිවේදනය මෙම මස 27 වැනිදා සහ 30 වැනිදා අතර දිනයකදී ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් ඊයේ (08දා) පැවැති අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ දින තීන්දු කිරීමේ බලය මේ වනවිට මැතිවරණ කොමිසම වෙත පැවරී ඇති අතර ඒ අනුව ඡන්ද විමසීම් පනතේ 26 වයන වගන්තිය ප්‍රකාරව මෙම නාම යෝජනා පත්‍ර කැඳවීමට නියමිතය. එළඹෙන මාර්තු මස 20 වැනිදා වනවිට පළාත් පාලන ආයතනවල නව මන්ත්‍රීවරුන් තෝරා පත්කර අවසන් කළ යුතු වෙයි.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment