පුංචි ඡන්දය පුළුවන් නම් තියන්න

109

හැකි ඉක්මනින් මෙම වසරේදී පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට සමගි ජන බලවේගය අභියෝග කරන බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහයට’ පැවසීය.

කිසියම් හෝ මැතිවරණයක් පැවැත්වුවහොත් අන්ත පරාජයක් හිමිවන බැවින් ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණ පැවැත්වීම කල් දමමින් සිටින බවට ද හෙතෙම චෝදනා කළේය.

ජනාධිපති ධුරය මෙන්ම තුනෙන් දෙකක බලයක් තිබුණ ද මේ වන විට ආණ්ඩුවට ජනතා විශ්වාසයක් නැති බවට ආණ්ඩුවේ අයම තේරුම් අරන් සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් කීවේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment