පුංචි ඡන්දය මාර්තු 20 ට පෙර

205

නව 2022 ජන්ද හිමි නාම ලේඛනය සහතික කිරීමේ කටයුතු අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය කැඳවීමට ක්‍රියාකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ඩී. පුංචිහේවා මහතා පැවැසීය.

 පළාත් පාලන මැතිවරණය කැඳවීමේ බලය ඉකුත් සැප්තැම්බර් 20 වැනිදා සිට මැතිවරණ කොමිසමට පැවරී ඇති බව ද ඒ අනුව මාර්තු මස 20 වැනිදාට පෙර මැතිවරණය පැවැත්වීමට ක්‍රියාකරන බව ද ඊයේ (12දා) විශේෂ උත්සවයකට සහභාගිවෙමින් හෙතෙම සඳහන් කළේය.

 පළාත් පාලන මැතිවරණය කල්දැමීමට කොමිසම එකඟ නැති බව ද ඒ මහතා කියා සිටියේය.

 මේ මොහොතේ මැතිවරණය කැඳවුවහොත් ඡන්දය පවත්වන්නට සිදුවන්නේ 2021 ජන්ද නාමලේඛනය යටතේ බවත් එවිට අලුතෙන් ලියාපදිංචි වන තරුණ ඡන්ද ලක්‍ෂ දෙකහමාරකට පමණ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිව අසාධාරණයක් සිදුවන බවත් ඒ මහතා කීය. එම නිසා 2022 ඡන්ද නාමලේඛනය සහතික කිරීමෙන් පසුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment