පුංචි ඡන්දය වසරකින් කල් දාන්න කැබිනට් පත‍්‍රිකාවක්

162

පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීම සඳහා කැබිනට් පත‍්‍රිකාවක් සකස්කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා ඊයේ (15දා) පැවසීය.

එක්සත් ජාතීන්ගේ අරමුදල හා පළාත් පාලන පිළිබඳ ශ‍්‍රී ලංකා ආයතනය එක්ව පළාත් හතරක මහජන නියෝජිතයන් 280 ක් පුහුණු කිරීමේ තෙදින වැඩමුළුවේ දෙවැනි දිනයට සහභාගි වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු මැතිවරණ කොමිසමට යැවීමට අවශ්‍ය කටයුතු ඉක්මනින් සකස්කරන බවද රාජ්‍ය ඇමැතිවරයා කීය. මෙම අවස්ථාවට පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ඩබ්. එම්. එම්. බී. වීරසේකර, පළාත් පාලන පිළිබඳ ශ‍්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය ඞී. එම්. සූරතිස්ස යන මහත්වරුන් හා ඌව පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment