පුංචි ඡන්දෙට පොහොට්ටුව ශක්තිමත්ව මුහුණ දෙනවා

61

කුරුණෑගලට ඇප මුදල් බඳිමින් ජෝන්ස්ටන් ප්‍රනාන්දු කියයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත්ව මුහුණ දෙනවා යැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.ඉදිරි පළාත් පාලන මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ඊයේ (09 වැනිදා) ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව හෙතෙම මේ බව කීය.එහිදී මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ ද සඳහන් කළේය.කුරුණෑගල ඉතාමත්ම ශක්තිමත් ලෙස අපි මැතිවරණයට මුහුණ දෙනවා. අද පක්ෂ දිහා බලපුවහම මම හිතන්නේ පොහොට්ටු පක්ෂය ඉදිරියෙන්ම ඉන්නවා. ඡන්ද ඉල්ලනවා ඡන්ද වලට ලෑස්තිවත් නැති පක්ෂ තමයි ඉල්ලන්නේ. අපේ පොහොට්ටුව පක්ෂය ඉදිරියෙන්ම ඉන්නවා කියන එක අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා. මාධ්‍ය අහනවා රනිල් වික්‍රමසිංහ එක්ක ප්‍රශ්න තියෙනවද කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයට අපි ඡන්දෙ දීලා ජනාධිපති කෙරුවා නම් ජනාධිපති කරපු කෙනාත් එක්ක වැඩ කරන්න අපිට තියෙන මොකක්ද ප්‍රශ්නය ඡන්දය දෙන්න හොඳ නං වැඩ කරන්න මොකක්ද තියෙන ප්‍රශ්නේ. එතුමා හොඳට මෙහෙයවාගෙන යනවා ඉතින් අනික් අය භාරගත්තේ නැහැ. අපේ ජයග්‍රහණය අපි එතුමාට භාර දුන්නා. අපේ නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපේ පක්ෂයේ පරිණත පරමාදර්ශි නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපි ඒක කවදාකවත් වෙනස් කරලා නැහැ.

advertistmentadvertistment
advertistmentadvertistment