පුංචි තිරයේ විශිෂ්ටයෝ…

739

දෙවසරක රස තේමාව යටතේ පැවැති 17 වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල ප‍්‍රවීණ රංගනවේදී රවීන්ද්‍ර රන්දෙනිය සහ ප‍්‍රවීණ රංගනවේදිනී ශ‍්‍රියානි අමරසේනගේ ප‍්‍රධානත්වයෙන් මාර්තු 26 සවස කොළඹ ෂැන්ග‍්‍රීලා හෝටලයේදි පැවැත්විණි. අදියර 7 ක් යටතේ 2020 වසරට සම්මාන 47 ක් සහ 2021 වසරට සම්මාන 57 ක් මෙවර උළෙලේදී පිරිනමන ලදි.

පුංචි තිරයේ විශිෂ්ටයෝ...

එහිදී 2020 වසරේ වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා ලෙස ජාතික රූපවාහිනියේ විකාශය වූ ‘‘සුළඟ මහමෙරක” ටෙලිනාට්‍යයේ සෝමසිරි විදුහල්පතිගේ චරිතය නිරූපණය කළ බිමල් ජයකොඩි විසින් හිමිකරගත් අතර උදාරි වර්ණකුලසූරිය ‘‘සංසාරාරණ්‍යය’’ අසබඩ නාට්‍යයේ ළමාතැනීගේ චරිතය නිරූපණය කිරීම වෙනුවෙන් හොඳම නිළිය ලෙස අභිෂේක ලැබුවාය. 2021 වසරේ ජනප‍්‍රියතම ටෙලි නාට්‍ය නළුවා සම්මානයට හිමිකම් කීවේ ‘පාරදිගේ’ නාට්‍යයේ බණ්ඩාගේ චරිතය පණ පෙවූ කුසල් මධුරංගය.

පුංචි තිරයේ විශිෂ්ටයෝ...
උදාරි වර්ණකුලසූරිය
පුංචි තිරයේ විශිෂ්ටයෝ...
කුසල් මධුරංග

එම වසරේ ජනප‍්‍රියතම ටෙලි නාට්‍ය නිළිය සම්මානය හිමිකරගත්තේ ගියවර ද ජනප‍්‍රිය නිළියට හිමි සම්මානය දිනා ගත් ශලනි තාරකාය. මෙවර සම්මාන උළෙලේ ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන හිමකරගත් ශිල්පීන් මෙසේය.

පුංචි තිරයේ විශිෂ්ටයෝ...
ශලනි තාරකා
පුංචි තිරයේ විශිෂ්ටයෝ...

ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන 2020

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංගරචනය

වසන්ත පූර්ණවංශ – තණමල්විල කොල්ලෙක් (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්‍ෂණය

චින්තක විජේරත්න/රංගන විශ්වජිත් – තණමල්විල කොල්ලෙක් (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය

තිසර තුල්වන් – තණමල්විල කොල්ලෙක් (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ශබ්ද නිර්මාණකරණය

එස්. රාජේන්ද්‍රන් – තණමල්විල කොල්ලෙක් (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය

ලක්රුවන් ද සේරම් – තණමල්විල කොල්ලෙක් (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්‍ෂණය

තරුපති මුණසිංහ – සුළඟ මහමෙරක (ජාතික රූපවාහිනිය)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය

සුදත් දේවප‍්‍රිය – නිල්ල නඟන උදෑසන… (සුළඟ මහමෙරක) :ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා

චමිඳු ගයාන් දිසානායක – හීන නොමේරූ…. (ගිරිදේවි) (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව

ලක්‍ෂණා ලක්මිණි – නිල්ල නගන (සුළ`ග මහමෙරක) (ජාතික රූපවාහිනිය)

වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා

ධනුක දිල්ෂාන් – දීප්ත (තණමල්විල කොල්ලෙක්) (ස්වාධීන රූපවාහිනී)

වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය

තිලක්‍ෂණි රත්නායක – සුලෝචනා (තණමල්විල කොල්ලෙක්) (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා

අංජන පේ‍්‍රමරත්න – පතෝලයා (තණමල්විල කොල්ලෙක් ) (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය

සුලෝචනා වීරසිංහ – අක්කා (තණමල්විල කොල්ලෙක්) (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය

සුසිත ඉන්දික විජේමුණි – තණමල්විල කොල්ලෙක් (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි චිත‍්‍රපටය

ක`ඵවර මුහුද – අතුල පීරිස් (ටීවී දෙරණ)

වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍යය (විනාඩි 55 අඩු)

ලොකු ඉස්කෝලේ මහත්තයා – ඩබ්. ප‍්‍රභාත් දුෂ්‍යන්ත (ස්වාධීන රූපවාහිනිී)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය

රොෂාන් රවීන්ද්‍ර – තණමල්විල කොල්ලෙක් (ස්වාධීන රූපවාහිනීය)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය (ප‍්‍රාසාංගික)

තණමල්විල කොල්ලෙක් – ෆාහිම් මවුජූඞ් – (ස්වාධීන රූපවාහිනීය)

ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන – 2021

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංග රචනය

විදුර ශානක අබේධීර – සකර්ම (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්‍ෂණය

පියතිස්ස අකුරම්බොඩ – සකර්ම (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය

රවීන්ද්‍ර ආරිය සමරනායක – සකර්ම (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ශබ්ද නිර්මාණකරණය

එල්. ඒ. ජයසේන – සකර්ම (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය

බුද්ධික රණසිංහ – සකර්ම (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්‍ෂණය

දර්ශන රුවන් දිසානායක – මහපොළොව (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය

අසංක රුවන් සාගර – වනේ වන ඵල….. – සකර්ම (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා

තුසිත් සිම්සන් – මහපොළෝ හාන්දුරුවනේ… – මහපොළොව (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව

සචිනි නිසංසලා – මහපොළෝ හාන්දුරුවනේ… – මහපොළොව (ස්වාධීන රූපවාහිනී)

වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා

සංගීත් ප‍්‍රභූ (දේව්) – Pork වීදිය (ස්වාධීන රූපවාහිනී)

වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය

ශෂි ඇන්ජලීනා (මන්දාකිණි) – Pork වීදිය (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා

සමිත සුධීෂ්වර (විල්සන්) – Pork වීදිය (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය

අනුරාධා එදිරිසිංහ (දෙවැනි) – සකර්ම (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය

ලාල් වසන්ත කරුණාරත්න – සකර්ම (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි චිත‍්‍රපටය

නිකෙලෙස් – දිලූක ප‍්‍රසාද් ගුණතිලක (ටීවී දෙරණ)

වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍යය (විනාඩි 55 අඩු)

නත්තල් සීයා – කෞශල්‍ය මාධව පතිරණ (හිරු ටීවී)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා

තුසිත් ලක්නාත් (ලීලාරත්න/කිරි පුතා) – සකර්ම (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය

චම්පා ශ‍්‍රියානි (සිරියාවතී) – සකර්ම (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය

ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු – සකර්ම (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය (ප‍්‍රාසාංගික)

චන්දන පුෂ්පලාල් ලියනගුණවර්ධන – සකර්ම (ස්වාධීන රූපවාහිනී)

advertistmentadvertistment
advertistmentadvertistment