පුංචි තිරයේ සම්මාන පොරයට දින තීන්දුයි – සුමති සම්මාන උළෙල 09 වැනිදා

291

නිර්දේශිත නාම එළියට

පුංචි තිරයේ මහා කලා මංගල්‍යය” ලෙස හඳුන්වනු ලබන සුමති සම්මාන උළෙල 2023 ලබන මස 09 වැනි බ්‍රහස්පතින්දා දින බත්තරමුල්ල” වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේ දී මෙවරත් අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

2020 නිර්දේශය

තණමල්විල කොල්ලෙක්
සංසාරාරණ්‍ය අසබඩ
ගිරිදේවි

2021 නිර්දේශය

සකර්ම
මහපොළොව
පෝර්ක් වීදිය

පසුගිය වසර දෙක තුළ රට තුළ උද්ගත වූ සමාජ” දේශපාලන සහ ආර්ථික ගැටලු හේතුවෙන් 2020 සහ 2021 යන වර්ෂවල දී සුමති සම්මාන උළෙල නොපැවැත්වුණු අතර” එම වර්ෂ දෙකට ම අදාළ නිර්මාණයන්ට දායක වූ කලාකරුවන්ට සහ නිර්මාණකරුවන්ට අසාධාරණයක් නොවන පරිදි මෙම වසරේ දී ඔවුන් ඇගයීමට ලක්කිරීමට සුමති සම්මාන සංවිධායක කමිටුව තීරණය කර තිබීම මෙවර සම්මාන උළෙලේ විශේෂත්වයකි. ඒ අනුව මේ වසරේ දී 26 වැනි සුමති සම්මාන වෙනුවෙන් 2020 වර්ෂයේ රූපවාහිනී මාධ්‍යයෙන් විකාශය වූ නිර්මාණ සහ ඒවාට දායක වූ කලාකරුවන් ද” 27 වැනි සුමති සම්මාන වෙනුවෙන් 2021 වර්ෂයේ විකාශය වූ නිර්මාණ සහ ඒවාට දායක වූ කලාකරුවන් ද ඇගයීමට ලක් කෙරෙනු ඇත.

පුංචි තිරයේ සම්මාන පොරයට දින තීන්දුයි - සුමති සම්මාන උළෙල 09 වැනිදා

මෙවරත් චන්න උපුලී රංගායතනය සහ භාතිය සංතුෂ් ප්‍රමුඛ BNS කණ්ඩායමත් රූපවාහිනී නාලිකාවන්හි නිෂ්පාදන කණ්ඩායම් අධ්‍යක්ෂවරුන් ඇතුළු සියලු දෙනාත් සුමති සම්මාන රාත්‍රිය විචිත්‍රත්වයෙන් වර්ණවත් කිරීමට එක් වී සිටී.

ජනප්‍රිය කාණ්ඩයට අදාළ තොරතුරු සුමති සම්මාන ෆේස්බුක් පිටුව :(Sumathi Awards Facebook Page) හරහා දැනුවත් විය හැකි ය. එස්. එම්. එස්. :(SMS) මනාපයන් සහ සුමති සම්මාන වෙබ් පිටුව (www.sumathiawards.lk) හරහා ජනප්‍රිය සම්මානය සඳහා වන මනාපයන් පළ කළ හැකි ය.

පුංචි තිරයේ සම්මාන පොරයට දින තීන්දුයි - සුමති සම්මාන උළෙල 09 වැනිදා

සම්මාන සඳහා නිර්දේශිත නාම (2020)

හොඳම ටෙලි නාට්‍යය (ප්‍රාසාංගික)

තණමල්විල කොල්ලෙක් – ෆාහිම් මවුජුඩ් – (ස්වාධීන රූපවාහිනිය)” සංසාරාරණ්‍ය අසබඩ – ඈන් ඩන්ස්ෆෝර්ඩ් (ස්වාධීන රූපවාහිනිය)” ගිරිදේවි – ජී ශ්‍රීනාත් චම්පික පෙරේරා (ස්වාධීන රූපවාහිනිය)

පුංචි තිරයේ සම්මාන පොරයට දින තීන්දුයි - සුමති සම්මාන උළෙල 09 වැනිදා

හොඳම ටෙලිනාට්‍ය නළුවා

දසුන් පතිරණ (දසුන්) – ගිරිදේවි (ස්වාධීන රූපවාහිනිය)” රොෂාන් රවීන්ද්‍ර (විජිත්) – සත්‍යා (ස්වාධීන රූපවාහිනිය)” බිමල් ජයකොඩි (සෝමසිරි ලොකු සර්) – සුළඟ මහමෙරක (ජාතික රූපවාහිනිය)

හොඳම ටෙලිනාට්‍ය නිළිය

ශලනි තාරකා (ආශා) – ගිරිදේවි (ස්වාධීන රූපවාහිනිය)” මිෂෙල් දිල්හාරා (මහිමි) – Can You Hear Me (ජාතික රූපවාහිනිය)” උදාරි වර්ණකුලසූරිය (ළමාතැනී) – සංසාරාරණ්‍ය අසබඩ (ස්වාධීන රූපවාහිනිය)

නිර්දේශිත නාම (2021)

පුංචි තිරයේ සම්මාන පොරයට දින තීන්දුයි - සුමති සම්මාන උළෙල 09 වැනිදා

හොඳම ටෙලිනාට්‍යය (ප්‍රාසාංගික)

සකර්ම – චන්දන පී. ලියනගුණවර්ධන (ස්වාධීන රූපවාහිනිය)” මහපොළොව – සෙරනිටි එන්ටර්ටේන්මන්ට් (ස්වාධීන රූපවාහිනිය)” පෝර්ක් වීදිය – එස්. රමේෂ් (රාජ් ප්‍රඩක්ෂන්) (ස්වාධීන රූපවාහිනිය)

හොඳම ටෙලිනාට්‍ය නළුවා

පුබුදු චතුරංග (කමල්) – සැප්තැම්බරයේ දිගු දවසක් (ස්වාධීන රූපවාහිනිය)” ධර්මප්‍රිය ඩයස් (සේනක) – පෝර්ක් වීදිය (ස්වාධීන රූපවාහිනිය)” තුසිත ලක්නාත් (ලීලාරත්න/ කිරි පුතා) – සකර්ම (ස්වාධීන රූපවාහිනිය)

හොඳම ටෙලිනාට්‍ය නිළිය

දුලීකා මාරපන (මාදනී) – පෝර්ක් වීදිය (ස්වාධීන රූපවාහිනිය)” උමාලි තිලකරත්න (තිලකා) – සකර්ම (ස්වාධීන රූපවාහිනිය)” චම්පා ශ්‍රියානි (සිරියාවතී) – සකර්ම (ස්වාධීන රූපවාහිනිය)

පුංචි තිරයේ සම්මාන පොරයට දින තීන්දුයි - සුමති සම්මාන උළෙල 09 වැනිදා
පුංචි තිරයේ සම්මාන පොරයට දින තීන්දුයි - සුමති සම්මාන උළෙල 09 වැනිදා
පුංචි තිරයේ සම්මාන පොරයට දින තීන්දුයි - සුමති සම්මාන උළෙල 09 වැනිදා

නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment