පුංචි පුතාගේ ගණදෙවි නුවණින් ගෙල වැලලාගත් පියාගේ ජීවිතය නූලෙන් බේරේ

261

බලන්ගොඩ රාස්සගල ප්‍රදේශයේ නිවසක් තුළ ගෙල වැළලාගෙන දඟලමින් සිටි පියෙකුගේ ජීවිතය අවුරුදු 12ක් පමණ වයසැති පුතෙකු විසින් බේරාගත් සිද්ධියක් බලන්ගොඩ රෝහලෙන් ඇසුනි.

මේ වනවිට ගෙල වැළලාගත් පුද්ගලයා බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු ගෙල වැලලාගෙන සිටිනු දුටු පුතා වහාම මේසය මතට නැඟ ලණුව කපා ඇත. එසේ බිම වැටෙද්දී පියාට සුළු තුවාල සිදුව තිබේ. මෙවැනි අවස්ථාවක දී කෑ ගසමින් කලබල වී එහෙ මෙහෙ දිවයාම දුටුවන්ගේ කාර්යය වෙන නමුත් මෙම දරුවා ක්ෂණිකව ගත් තීරණය නිසා ජීවිතයක් බේරා ගැනීමට හැකි වී තිබේ.

බලන්ගොඩ එන්.එච්.පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment