පුංචි බණ්ඩා කළමනාකරණයෙන් මේ රට ගොඩගන්න බෑ… කර්මාන්ත අමාත්‍ය – විමල් වීරවංශ

376

මේ ආර්ථික අවපාතයට වග කියන්න ඕනේ පසුගිය ආණ්ඩුව…

යුගදනව් සම්බන්ධයෙන් කැබිනට් අනුමැතියේ සිදු වූ දේ අපි උසාවියට කියනවා…

කලින් සිටි අධිපතිවරයා පත්වූයේ හරි ක්‍රමවේදයකට නොවෙයි…

රටේ පවතින ආර්ථික අස්ථාවරත්වය සහ තවත් විවිධ කාරනා හේතුවෙන් මේ වන විට විශාල අර්බුදයක් මතුව තිබේ. ඒ අතර ආණ්ඩුවෙම මැති ඇමැතිවරු පිරිසක් ආණ්ඩුවේ යම් යම් ක‍්‍රියාමාර්ග කෙරෙහි විරෝධය පල කරමින් සිටිති. ඒ අතර යුගදනවි ගිවිසුම, ජනාධිපති ලේකම්වරයා ඉවත් කිරීම, විවිධ ව්‍යාපෘති සම්බන්ධයෙන් නැගෙන විරෝධය ප‍්‍රමුඛව පෙනෙන්නට තිබේ. විමල් වීරවංශ ඇමැතිවරයා පසුගිය දිනවල මේ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශ බොහොමයක් කරනු දක්නට ලැබිණි. අප මෙවර දිවයින ඉරිදා සංග‍්‍රහය සමඟ විමල් වීරවංශ ඇමැතිවරයා සංවාදයකට එකතු කර ගත්තේ ඒ ගැන දැනගන්නටය. පහත පෙළ ගැසෙන්නේ එම සාකච්ඡාවයි.

ප‍්‍රශ්නය – ඔබ මෙම ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා පුරෝගාමීව කටයුතු කළ අයෙක්. මේ මොහොත වනවිට ආණ්ඩුව විවිධ අභියෝගයන්ට මුහුණ දී සිටිනවා. ඒ නිසාම විවිධ චෝදනාවන්ට ද ලක් වී තිබෙනවා. නමුත් ඊට සාපේක්‍ෂව ඔබ ඊට එරෙහිව නැඟීසිටින බවක් පෙනෙන්නේ නැහැ. එම නිහඬතාවයට හේතුව කුමක්ද?

පිළිතුර – මීට මාස කිහිපයකට කලින් නම් ඔය ප‍්‍රශ්නය අදාළයි. අපි නිහඬව සිටින බව එළියට පෙනුනත් ආණ්ඩුව තුළ අරගලයක් සහ සහයෝගයක් ලබාදෙමින් සිටියා, ආණ්ඩුවේ ගමනේ තිබෙන අපි දකින යම් යම් අඩුපාඩු නිවැරදි කර ගැනීම සඳහා. ඒ වගේම
ආණ්ඩුවේ සාධනීය පැත්ත වඩාත් බලවත් කිරීම සඳහා. නමුත් දැන් අපට සිද්ධ වී තිබෙනවා ආණ්ඩුව පිළිබඳ අපේ ස්ථාවරය ජනතාවට ඇසෙන සේ කියන්න. එම කටයුත්ත මේ දිනවල අප සිද්ධ කරමින් සිටිනවා.

ප‍්‍රශ්නය – භාණ්ඩ මිල අසීමිතව ඉහළ යෑම පාලන මිලක් නොමැති වීම යන කාරණා මුල්කර ගනිමින් සමහරුන් ප‍්‍රකාශ කරනවා, මේ වනවිට රටේ ආණ්ඩුවක් නොමැති තත්ත්වයක් ඇති වී ඇති බව. රටේ ආණ්ඩුවක් නැහැ යනුවෙන් කරනු ලබන චෝදනාව පිළිබඳව කුමක්ද ඔබගේ ස්ථාවරය.

පිළිතුර – ආනයනික භාණ්ඩවල මිල ඉතා ශීඝ‍්‍ර ලෙස ඉහළ ගිහින් තිබෙනවා. ලෝක පරිමාණයෙන් ගත්තත් එක එහෙම තමයි. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ 58%කින් තෙල් මිල ඉහළ ගිහින් තිබෙනවා. පසු ගිය කෙටි කාලයක් තුළ ඒ නිසා ම 35%කින් ඒ රටේ ජීවන වියදම ඉහළ ගිහින් තිබෙනවා. සිංගප්පූරුව වගේ රටවල තත්ත්වයත් ඒකම තමයි. කොවිඞ් වසංගතයත් සමඟ ලෝකයේ නිෂ්පාදන ක‍්‍රියාවලියේ බිඳ වැටීමක් සිද්ධ වී තිබෙනවා. සැපයුම් මාර්ගවල බිඳ වැටීමක් සිද්ධ වී තිබෙනවා. ඒ වගේම නැව් ගාස්තු වැඩි වී තිබෙනවා. ඒ අතර තුළ අපේ රුපියලත් අවප‍්‍රමාණය වී තිබෙනවා.

එම සියලූ සාධකයන් නිසා ඛනිජ තෙල් ඇතුළු ආනයනික භාණ්ඩවල මිල ඉහළ ගිහින් තිබෙනවා. පසුගිය කාලයේ දී ඉන්ධන මිල වැඩි කිරීම සඳහා යෝජනා ඉදිරිපත් වූ අවස්ථාවල දී අමාත්‍ය මණ්ඩලය තුළදීත් ඉන් පිටතදීත් අමාත්‍යවරුන් බොහෝ දෙනකු එය නොකළ යුතුය යන මතය තමයි දැරුවේ. එම නිසා ඉන්ධන මිල ඉහළ දැමීමට අවස්ථා ගණනාවක දී උත්සාහ දැරුවත් එය ඉටු වූයේ නැහැ.

රජය මේ අවස්ථාවේදී ඩොලර් අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඒ වගේම කොවිඞ් වසංගතයෙන් ගැලවීම සඳහා පෞද්ගලික වාහන භාවිතය වැඩිවීම නිසාත් තෙල් පාරිභෝජනය වැඩි වී තිබෙනවා. ඒ සමගම පොදු ප‍්‍රවාහනය අඩු වී තිබෙනවා. එම සියලූ සාධකයන් සලකා බලලා තමයි මුදල් අමාත්‍යාංශය විසින් තෙල් මිල ඉහළ දැමීමට තීරණය කරලා තිබෙන්නෙ.

එම කාරණය ජනතාවගේ පැත්තෙන් බැලූවොත් පැහැදිලි වෙනවා, එම තීරණය නිසා ජනතාව දැනට මුහුණ දී සිටින අපහසු තත්ත්වය තවදුරටත් වර්ධනයවන බව. ඒ කියන්නේ ඔවුන් මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතාවය තවදුරටත් වර්ධනය වන්නට එය හේතුවක් වනවා. එම නිසා රජයක් ලෙස අප කළ යුතු වන්නේ එම තීරණය නිසා වඩා පීඩාවට පත්වන ජනතාවට එම තත්ත්වයෙන් ගැලවීම සඳහා වෙනත් ආකාරයකින් මූල්‍ය දායකත්වයක් දැක්වීම තමයි. ඒ සඳහා වැඩ පිළිවෙළක් සකස් කළ යුතු යන අදහසේ තමයි අපි ඉන්නේ.

ප‍්‍රශ්නය – තෙල් මිල වැඩි කළ පමණින් පෞද්ගලික වාහන භාවිතය අඩුවේවිද?

පිළිතුර – ඉන්ධන සඳහා වැඩි කළ මිල වාහන භාවිත කරන අයට දැරිය හැකි මිලක් නම් එම අරමුණ ඉෂ්ට වන්නේ නැහැ. මේ ප‍්‍රමාණයට මිල වැඩි කිරීමෙන් පසුත් ඉන්ධන පාරිභෝජනය කිරීමේ අඩුවක් සිද්ධ වෙන්නේ නැතිනම් රජය මුදල් අමාත්‍යාංශ කල්පනා කිරීමට ඉඩ තිබෙනවා තවදුරටත් මිල වැඩි කරලා බලන්න. මිල වැඩි කළ පසු තෙල් පරිභෝජනය අඩුවේවිද කියන එක මට හරියටම කියන්න බැහැ. එය හරියටම දැන ගන්න වෙන්නේ භාවිතය තුළින් තමයි.

ප‍්‍රශ්නය – ලබන ජනවාරි 18 වැනිදා වනවිට ඇමෙරිකන් ඩොලර් මිලියන 500ක ණයක් ගෙවීමට නියමිතව තිබෙනවා. ඒ වගේම ලබන මැයි මාසය වනවිට බිලියන 01ක ණයක් ගෙවීමට නියමිතව තිබෙනවා. ලබන වසර තුළ ගෙවිය යුතු සමස්ත ණය ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.8ක් වෙනවා.

එම ණය ගෙවා ගැනීමට නොහැකිව රට බංකොලොත් භාවයට පත් වී ආණ්ඩුව කඩන්වැටෙන තුරු විපක්‍ෂයේ සමහරුන් බලන් සිටිනවා. ඒ අරමුණ ඉටුවේවිද?

පිළිතුර – ඔය සම්බන්ධයෙන් කි‍්‍රයාකරන්නේ මුදල් ඇමැතිවරයා විසින්. හොඳම දේ වන්නේ ඔය ප‍්‍රශ්නය මුදල් අමාත්‍යාංශයෙන් හෝ මුදල් ඇමැතිවරයාගෙන් විමසන එක.

ප‍්‍රශ්නය – මෙම ණය අර්බුදය පදනම් කරගෙන ආණ්ඩුව කඩන්වැටේවිද?

පිළිතුර – ආණ්ඩුව වැටෙන්න නම් හේතුවක් නැහැ. වැට්ටුවොත් මිසක්.

ප‍්‍රශ්නය – මෙම ණය අර්බුදය පිළිබඳව සඳහන් කිරීමේදී විපක්‍ෂය චෝදනා කරනවා මෙම අර්බුදය ඇති වී තිබෙන්නේ 2015 ට පෙර මහින්ද රාජපක්‍ෂ මහතා බලයේ සිටි සමයේදී ලබාගත් ණය නිසා බව. ඇත්තට ම මෙබදු ණය උගුලක රට පැටළුවේ කවුරුන් විසින්ද?

පිළිතුර – නිදහස ලැබුණු දා සිට 2015 ජනවාරි 08 දක්වා. එසේත් නොමැති නම් 2014 දෙසැම්බර් අවසානය දක්වා බලයේ සිටි සියලූම රජයන් අරගෙන තිබෙන ණය ප‍්‍රමාණය ආසන්න වශයෙන් ඩොලර් බිලියන 07 ක් පමණ වෙනවා. එතැන් සිට පසුගිය ආණ්ඩුව බලයේ සිටි වසර හතරහමාරක කාලය තුළදී එම අගය ඩොලර් බිලියන 14ට ආසන්න අගයක් දක්වා වැඩි කළා. ඒ කියන්නේ තිබුණු ණය ප‍්‍රමාණය එකට එකක් වැඩිකර තිබෙනවා. එතකොට කවුද වැඩියෙන් ණය අරගෙන තිබෙන්නේ. එතකොට කවුද මේ ණය අර්බුදය උග‍්‍ර කරලා තිබෙන්නේ, දරාගන්නට බැරි මට්ටමක් දක්වා වැඩි කරලා තිබෙන්නේ. පසුගිය ආණ්ඩුව ගත් සමහර ණය අරගෙන තිබෙන්නේ 6% පොලියට. මේ අර්බුදය ඇතිකිරීම සඳහා බරපතළ ම දායකත්වය දී තිබෙන්නේ අද විපක්‍ෂයේ සිටින අය තමයි. එම නිසා ඔවුන්ට ඔය චෝදනාව කරන්න බැහැ.

ප‍්‍රශ්නය – ණය අර්බුදයට විපක්‍ෂය වගකිව යුතු බව ඔබ සඳහන් කළත්, විපක්‍ෂය චෝදනා කරන්නේ නෙළුම් කුලූන, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා ලබාගත් කෙටිකාලීන ණය නිසා මෙම අර්බුදය ඇති වී ඇති බවයි. එම චෝදනා පිළිබඳව ඔබගේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර – නෙළුම් කුලූන හදන්න ණය ගත්තේ ටී. ආර්. සී. එකෙන්. එම ණය ගෙවන්නේ එම ආයතනය විසින්. ටී. ආර්. සී. එකට ලැබෙන ආදායමෙන් එම ණය වාරිකය ගෙවීමේ හැකියාව තිබෙනවා. හම්බන්තොට වරාය හදන්න ගත්ත ණය වාරිකය ගෙවන්නේ වරාය අධිකාරිය විසින්. ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය කියන්නේ ලාභ ලබන ආයතනයක්. එම නිසා එම ආයතනයට වරාය හැදීමට ගත් ණයවල වාරිකය ගෙවීමේ හැකියාව තිබෙනවා. මෙම ව්‍යාපෘති මහා භාණ්ඩාගාරයෙන් ණය වාරික ගෙවන ව්‍යාපෘති නොවෙයි. ඔබ සඳහන් කළ ආයතන කිහිපය පෙන්වලා තමයි විපක්‍ෂය ඔවුන්ගේ බොරු මතය තහවුරු කරන්න හදන්නේ. එය සම්පූර්ණ ප‍්‍රලාපයක්.

ප‍්‍රශ්නය – විපක්‍ෂය ජනතාව හමුවේ ප‍්‍රලාප ප‍්‍රකාශ කරනවා නම් ආණ්ඩුව ජනතාවට ඇත්ත කිව යුතුව තිබෙනවා. නමුත් ඒ සඳහා කිසිදු වැඩපිළිවෙළක් තිබෙන බවක් පේන්නේ නැහැ නේද?

පිළිතුර – ඔව්. මම සමානයි, මුළු ආණ්ඩුව ම නොවෙයි නේ.

ප‍්‍රශ්නය – ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් යුතු සන්ධානය විසින් පසුගියදා ‘බිඳවැටුණු මවුබිම ගොඩනඟන විසඳුම’ යන මැයෙන් යුතු වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. එම විසඳුමේ රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළක් තිබෙනවාද?

පිළිතුර – මට තවම එම වැඩපිළිවෙළ කියවන්න ලැබුණේ නැහැ. එම නිසා එම වැඩපිළිවෙළ ගැන මට මුකුත් කියන්න බැහැ.

ඇත්ත වශයෙන්ම අද රට තිබෙන්නේ වැඩපිළිවෙළක් පමණක් නෙවෙයි, එම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට හොඳ කණ්ඩායමක් අවශ්‍ය මොහොතක. අවාසනාවකට හැදෙන ගොඩක් ආණ්ඩුවලට එම ටීම්වර්ක් එක නැහැ. තිබෙන්නේ එක එක්කෙනාගේ කල්ලි. කල්ලි රජ කරන්න ගත්විට සාමූහික ක‍්‍රියාකාරීත්වය දියවෙනවා. එම තත්ත්වය වෙනස් කරන එක අප කාගේත් වගකීමක්. ඒ වගකීම අපටත් තිබෙනවා. අනෙක් අයටත් තිබෙනවා. එය ඉටුකරන්නේ කවුද කියන එක තමයි වැදගත්.

ප‍්‍රශ්නය – ජනතාව මේ මොහොත වනවිට භාණ්ඩ මිල ඉහළ යෑම, භාණ්ඩ හිඟවීම වැනි ගැටලූවලට මුහුණ දී සිටින බව සත්‍යයක්. විපක්‍ෂය කරන ප‍්‍රකාශවලින් පැහැදිලි වන්නේ ඔවුන් බලයේ සිටියා නම් මෙබඳු තත්ත්වයක් උදා නොවන බව තමයි. එම ප‍්‍රකාශයන් ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – ඔවුන් බලයේ සිටියා නම් වෙන දේ හිතාගන්නවත් බැහැ. ජනාධිපතිතුමා බලයට පත්වෙනකොට රටේ කොවිඞ් ප‍්‍රශ්නයක් තිබුණේ නැහැ. ඊට පසුව තමයි මෙම වසංගත තත්ත්වයට මුහුණ දුන්නේ. අද වනවිට ජනතාවට තුන්වන එන්නත් මාත‍්‍රාවත් ලබාදෙමින් සිටිනවා. ඒ සඳහා වැයවන්නෙත් ඩොලර්. විපක්‍ෂයේ සිටින අය අද බලයේ සිටියා නම් කොවිඞ්වලට එරෙහි එන්නත්කරණය වත් මේ තරම් සාර්ථක මට්ටමකට ඒවා කියලා කාටවත් විශ්වාසය තබන්න බැහැ. අනෙක ඔවුන් බලයේ සිටියේ වසංගතයක් නැති කාලයක. ඔවුන් බලයේ සිටියේ ත‍්‍රස්තවාදයක් නැති කාලයක. ඔවුන් බලයට පත්වනවිට 6.5%ක ආර්ථික වර්ධන වේගයක් තිබුණා. නමුත් ඔවුන් බලයෙන් පහවනවිට තිබුණේ 2.5%ටත් අඩු ආර්ථික වර්ධන වේගයක්. ඒ කාලය තුළ ඔවුන් නොතිබුණු ත‍්‍රස්තවාදයකටත් උත්තරයක් දුන්නා. රට එබඳු තත්ත්වයකට පත් කළ අය බලයේ සිටියදී වසංගතය ආවා නම් ඇතිවන තත්ත්වය මොකද්ද කියලා ඕනෑම කෙනකුට සිතාගන්න පුළුවන්. එසේ වූවා නම් වසංගතය ගැන කරන්නෙත්, පාස්කු ප‍්‍රහාරයෙන් පසුව මාධ්‍ය හමුවක් තබා ‘දැන් මොනවා කරන්නද?’’ යනුවෙන් පවසා සිනාසුනා වගේ එකක් තමයි. ඔවුන් බලයේ සිටියා නම් වසංගතයෙන් මිනිසුන් මැරී ගිය පසු දැන් මොනවා කරන්නද කියලා කියාවි. ඒ තරම් තකතීරු ආණ්ඩුවක් මම මගේ ජීවිත කාලය තුළ දැකලා නෑ. මේ ආණ්ඩුවේ යම් යම් අඩුපාඩු තිබෙනවා තමයි. නමුත් පසුගිය ආණ්ඩුවත් සමඟ මේ ආණ්ඩුව පමණක් නෙවෙයි ලෝකයේ වෙන ඕනෑම ආණ්ඩුවක් සංසන්දනය කළත් ඒ ආණ්ඩුවට වඩා හොඳයි.

පුංචි බණ්ඩා කළමනාකරණයෙන් මේ රට ගොඩගන්න බෑ… කර්මාන්ත අමාත්‍ය - විමල් වීරවංශ

ප‍්‍රශ්නය – පසුගිය කාලයේදී අප දුටුවා ඔබ පුංචි බණ්ඩා ජයසුන්දර මහතා විවේචනය කරනවා. 2015 ට පෙරත් ඔබ ඔය විවේචනය කළා. ඇත්තට ම මොකද්ද ඔය විවේචනයට තිබෙන පදනම.

පිළිතුර – ඔහු කලින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළා. වසර 20කට ආසන්න කාලයක් මේ රටේ ප‍්‍රධාන ආර්ථික සුක්කානම මෙහෙයවන්නෙක් ලෙස කටයුතු කළා. මෙවර ජනාධිපති ලේකම් ලෙස පත්කර ගත්තා. පත්කළ අවස්ථාවේදීත් අපේ සිතේ යම් යම් සැක සංකා තිබුණා. නමුත් අපි මිනිසකුට වෙනස් වෙලා ඉදිරියට යන්න පුළුවන් යන ආකල්පය සිතේ දරාගෙන අප සිටියා. නමුත් දැන් අපට පැහැදිලියි. පුංචිබණ්ඩා ජයසුන්දර ඔහුගේ මිනිසුන් යම් යම් තැන්වල දාගෙන, මේ ගහන්නේ වෙනම මැච් එකක් කියන එක. ඒ මැච්එකේ පරමාර්ථය තමයි රට බින්දුවට බස්සලා ඉන්දු – ඇමෙරිකානු අත්පත්කර ගැනීමකට ඉඩ සලසා දෙන එක.

ඉන්දුනීසියාවේ සුහර්තෝ පාලන බලයේ සිටිය සමයේදී ලොකු ආර්ථික අර්බුදයක් ආවා. එම අවස්ථාවේදී ලෝක බැංකුව යෝජනා කළා ඩොලර් බිලියන ගණනක් දෙන්න. ඔවුන් ඒ සඳහා ඉන්දුනීසියාවට අයත් බන්ඩා අචේ ප‍්‍රාන්තය ස්වයං පාලන ප‍්‍රදේශයක් කරන්න කිව්වා. ඒ වාගේම නැඟෙනහිර ටිමෝරය වෙනම රාජ්‍යයක් කරන්න කිව්වා. සුහර්තෝ බටහිර ගැති පාලකයෙක් වුවත් ඔහු ඒ යෝජනා භාරගත්තේ නැහැ. එහෙත් එම ආර්ථික අර්බුදය උත්සන්න වෙනකොට විපක්‍ෂයට පුළුවන් වුණා ජනතාව පොළඹවලා සුහර්තෝව පරාජයට පත් කරලා ඔහු ප‍්‍රතික්‍ෂේප කළ ලෝක බැංකු වැඩපිළිවෙළ භාර ගන්න. එම වැඩපිළිවෙළට අනුව බන්ඩා අචේ ප‍්‍රාන්තය ස්වයං පාලන ප‍්‍රදේශයක් බවටත්, නැඟෙනහිර ටිමෝරය වෙනම රාජ්‍යයක් බවටත් පත්වූවා.

මේ කටයුතු කරමින් සිටින්නේ සාමාන්‍ය තත්ත්වය තුළ දී භාර නොගන්නා වැඩපිළිවෙළක් විශේෂ තත්ත්වයක් තුළදී භාරගන්නා තත්ත්වයට පත්කරන්න. ඒක ද පුංචිබණ්ඩා ඇතුළු කල්ලියේ සැලසුම. ඒ කල්ලියේ සියලූම නම් අපි තාම හෙළිදරව් කළේ නැහැ. එහෙම කල්ලියක් තිබෙනවා. ඒ කල්ලිය එක එක තැන්වල එක එක ටයිදාගෙන එක එක වැඩ. ඒ කල්ලිය මෙහෙයවන්නේ කොහෙන්ද කියලත් අපි දන්නවා. අපි මේ දක්වා බලන් හිටියා ජනාධිපතිතුමා හෝ කොහෙන් හෝ මේ තත්ත්වය පාලනය කරයි කියලා. එහෙම සිද්ධ වෙන්නේ නැතිනම් එම කල්ලිය අපි ඉදිරියේදී සම්පූර්ණයෙන් ම නිර්වස්ත‍්‍ර කරනවා.

ප‍්‍රශ්නය – මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරන අජිත් නිවාඞ් කබ්රාල් මහතාට කැබිනට් ඇමැතිවරයකුගේ බලතල තිබෙනවා. මහ බැංකුව විසින් තමයි විදේශ විනිමය කළමනාකරණය, විදේශ සංචිත කළමනාකරණය මෙන්ම රාජ්‍ය ණය පාලනය කිරීමත් සිදුකරන්නේ. එසේ තිබියදී සියලූ කටයුතු පී. බී. ජයසුන්දර මහතා මෙහෙයවන බවට චෝදනා කරන්නේ කෙසේද?

පිළිතුර – පුංචි බණ්ඩා ජනාධිපති ලේකම් ලෙස සිටිමින් අද සියල්ල හසුරුවනවා. උදාහරණයක් විදිහට සඳහන් කරනවා නම් වාහන එකලස්කරන පුද්ගලයන් ආනයනය කරනවා එම වාහනයේ සාම්පල් එකක්. කර්මාන්ත අමාත්‍යාංශයෙන් එය ගෙන ඒම සඳහා අනුමැතිය සහිත ලිපියක් ලබා දෙනවා. ඊට පසුව ආනයන අපනයන පාලකවරයා වාහනය ආ පසු එය නිදහස් කරනවා. අද එම ලිපිගොනු යන්නේ පුංචිබණ්ඩා ගාවට. ඔහු එම වාහන සාම්පලය ගේන්න නොදී එම ලිපිගොනුව තබාගෙන සිටිනවා. එයින් සිද්ධ වෙන්නේ ඉස්සරහට යන්න පුළුවන් වාහන එකලස් කිරීමේ කර්මාන්තය වැටෙන එක. ඔය වැනි උදාහරණ මට ඕනෑ තරම් පුංචිබණ්ඩා ගැන කියන්න පුළුවන්.

වත්මන් මහ බැංකු අධිපතිවරයා එම ධුරයට පත්වූයේ මෑතකදී. එය පුංචිබණ්ඩාගේ කැමැත්ත අනුව සිදු වූ දෙයක් නෙවෙයි. පුංචිබණ්ඩාගේ කැමැත්ත අනුව තමයි මීට පෙර සිටිය ලක්‍ෂ්මන් මහතා පත්වූයේ. එතුමා හොඳ විශ්වවිද්‍යාල ගුරුවරයෙක්. නමුත් රට මුහුණ දී සිටින කුණාටුවට සාපේක්‍ෂව හොඳ තීරණ ගන්න පුළුවන් දක්‍ෂ කළමණාකාරුවකු ලෙස මට එතුමා පේන්නේ නැහැ. මම වැරදි නම් ඕනෑම කෙනකුට මාව නිවැරදි කරන්න පුළුවන්. රට අර්බුදකාරී අනාගතයකට ගමන් කරනවා නම් මහ බැංකුවේ තමයි සිටිය යුත්තේ මෙම අර්බුදය ඇඟට අරගෙන මැදිහත් වෙන අය. මහ බැංකු අධිපතිවරයාට තීරණ ගැනීමේදී පුංචිබණ්ඩාගේ එකඟත්වයත් අවශ්‍ය වෙනවා. ඒක තමයි තිබෙන තත්ත්වය. පුංචිබණ්ඩා ඔය තරම් වැඩකාරයෙක් නම් ඔහු ජනාධිපති කරන්න තිබුණේ. අපරාදේ මේ ලේකම්කමකට දාලා තිබෙන්නේ.

ප‍්‍රශ්නය – ඔබ මෙම ආණ්ඩුවේ ඇමැතිවරයකු ලෙස කටයුතු කරනවා. එසේ තිබියදී ඔබ කැබිනට් පති‍්‍රකාවක් සම්බන්ධ කාරණයක් මුල් කරගෙන අධිකරණය හමුවට ගිහින් තිබෙනවා. එය සාධාරණීකරණය කරන්න පුළුවන් කි‍්‍රයාවක් ද?

පිළිතුර – හෘද සාක්ෂයට එකඟව අපි කැබිනට් මණ්ඩලයේදී සිද්ධ වූ දේ උසාවියට කියනවා. ඒ අනුව අපි කරලා තිබෙන්නේ වරදක් කියලා කාටහරි හිතෙනවා නම් අපිව ඉවත් කරන්න. නමුත් අපි හිතන්නේ නැහැ අපි වරදක් කරා කියලා. අපි මුලින්ම රකින්නේ ජනවරමේ වගකීම. එක තමයි උත්තරීතර වගකීම. ඒකට යටත් ඕනෑම සාමුහික වගකීමක්. ජනවරමට පස්ස හරවල සාමුහික වගකීම රකින්න අපි සූදානම් නැහැ. අනික සාමුහික වගකීමට බැඳිය යුත්තේ සිදුවූ දෙයකට. අද්භූත කැබිනට් පති‍්‍රකාවක් වෙනුවෙන් සාමුහික වගකීමට බැඳෙන්න අපිට බැහැ. නමුත් කවුරු හරි සිතනවා නම් අපි සාමුහික වගකීම කඩකළා කියලා ඒ අයට ඕනෑම තීරණයක් ගන්න පුළුවන්.

ප‍්‍රශ්නය – ළඟදීම කැබිනට් සංශෝධනයක් සිදුකරන බව කියනවා. එම සංශෝධනය සිදුකරනු ලබන්නේ ඔබත් වාසුදේව නානායක්කාර මහතාත් උදය ගම්මන්පිල මහතාත් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීම සඳහා විය හැකියි නේද?

පිළිතුර – ඒ පිළිබඳව අපි හිතන්නේවත් නැහැ. අපි ඉවත් කරනවාද නැද්ද කියන එක අදාළ බලධාරීන්නේ තීරණයක්. ඕනෑම තත්ත්වයක් තුළදී රටත් ජනතාවත් වෙන්වෙන් වැඩ කරන්න අපි සූදානම්. මෙම තනතුරු අපිට ආභරන නොවෙයි. මෙම තනතුරු වලින් අපි බැබලෙන්නේ නැහැ. අපි තනතුර බබලවනවා. එම නිසා තනතුර නැතිවුණයි කියලා අපේ බැබලීමට කිසිදු ප‍්‍රශ්නයක් නැහැ.

ප‍්‍රශ්නය – ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සාගර කාරියවසම් තිස්ස කුට්ට්ආරච්චි වැනි මන්ත‍්‍රීවරුන් ඔබ ඇතුළු පිරිස විවෙචනය කරනවා. පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමු පවත්වනවා. මේ පිළිබඳව විවිධ අර්ථකථන ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ පිළිබඳව ඔබට කුමක්ද කියන්න තිබෙන්නේ.

පිළිතුර – ඔය ප‍්‍රශ්නයට ලබාදෙන පිළිතුර පළ කිරීම සඳහා පුවත්පතේ සෙන්ටි මීටරයක් හෝ වෙන් කිරීම අපරාදයක්. එම ඉඩ කඬේ ලූහු`ඩු දැන්වීමක් පළකර ගන්න. ඒක ඊට වඩා ප‍්‍රයෝජනවත්.

ප‍්‍රශ්නය – ඇතිවී තිබෙන තත්ත්වය තුළ තවදුරටත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග ගමනක් තිබෙනවා කියලා ඔබ සිතනවා ද?

පිළිතුර – වැදගත් වන්නේ අපි සිතනවද නැද්ද කියන එක නොවෙයි. වැදගත් වන්නේ එහෙම ගමනක් තිබෙනවා ද නැද්ද කියන එක තමයි. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කියන්නේ සංධානත් සමග වැඩ කරන්න දන්න පක්ෂයක් නොවෙයි. එම පක්ෂයේ ඉන්න සමහර අය උද්දච්ච කමින් ඔළුව උදුම්මාගත් අය, එතන තිබෙන්නේ වෙන න්‍යාය පත‍්‍ර, ඒ විධියේ හැසිරීමක් තිබෙන පක්ෂයක් සමග සන්ධානගතවෙලා ඉදිරියට යන්න කවුරුවත් කැමතියි කියලා මම හිතන්නේ නැහැ.

ප‍්‍රශ්නය – කොවිඞ් වසංගතයත් සමග ආනයන කටයුතු සීමාවෙලා තිබෙනවා. එම පසුබිම තුළ දේශීය කර්මාන්ත නංවාලීමට අවස්ථාව උදාවී තිබෙනවා. කර්මාන්ත ඇමැතිවරයා ලෙස එම පසුබිම ප‍්‍රයෝජනයට ගනිමින් සිටින්නේ කෙසේද ?

ප‍්‍රශ්නය – අපි දිවා ? වෙහෙසෙමින් ඇතිවී තිබෙන අලූත් අවස්ථාව අත්පත් කර ගැනීමට උත්සාහ දරමින් සිටිනවා. සෑම අංශයකටම අපි අපේ අවධානය යොමුකර තිබෙනවා. සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගනිමින් යළි ගොඩ ගැනීම සඳහා අපි අපට හැකි උත්සාහය දරමින් සිටිනවා. කඩා වැටීම තුළත් වර්ධනය වන කර්මාන්ත තිබෙනවා. නමුත් පිටරටින් අමුද්‍රව්‍ය ගෙන්වන්න තිබෙන බාධාව මට තනියම විසඳන්න පුළුවන් ගැටලූවක් නොවෙයි. දැනට මම තානාපති කාර්යාලයක් සමග සාකච්ජා කරලා තිබෙනවා. අමුද්‍රව්‍ය ගෙන්වීම සඳහා පමණක් ක්‍රෙඩිට් ලයන් එකක් ආරම්භ කිරීමට. අපි සිතනවා එය සාර්ථක කර ගන්න පුළුවන් ෙවිවි කියලා. එසේ වුවහොත් කෙටි කාලයක් තුළ කර්මාන්ත කරුවන්ගේ අමුද්‍රව්‍ය ප‍්‍රශ්නය විසඳන්න පුළුවන් වේවි. කර්මාන්ත ඇමැතිවරයා ලෙස අපි කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් දායක වනවා පමණක් නොවයි අපේ සීමාව ඇතුළේ විසඳන්න පුළුවන් සෑම ගැටලූවක්ම විසඳනවා. ලංකාවේ හොඳම මිලදී ගන්නා රජය තමයි. රජය මිලදී ගැනීම් වලදී ප‍්‍රමුඛතාව දිය යුත්තේ දේශීය නිෂ්පාදන වලට, දේශීය කර්මාන්තවලින් සපුරන්න බැරිදෙයක් තිබෙනවා නම් පිටින් ගත්තාට කමක් නැහැ. නමුත් රජයේ මිල දී ගැනීම් වලදීවත් එහෙම වෙන්නේ නැහැ. එම තත්ත්වය වෙනස් නොකර දේශීය කර්මාන්ත අපි සිතන මට්ටමට ගෙන්න බැහැ. ඒ සම්බන්ධයෙන් මම අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාවකුත් දැම්මා. නමුත් මුදල් අමාත්‍යාංශයෙන් ආපු නිරීක්ෂන සමග එය අපේක්ෂා කළ ආකාරයට අනුමත වූයේ නැහැ. එම ගැටලූ විසඳෙනකම් අපිට කර්මාන්ත සංවර්ධනයට ගමන් කිරීමට සිද්ධ වෙන්නේ විශාල ඔළුවේ කැක්කුම් රාශියක් සමග.

සාකච්ඡා කළේ
එරික් ගාමිණි ජිනපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment