පුංචි මන්ත්‍රීවරු අඩුකරන්න ජනපති සැරසෙයි

143


මීළග පළාත් පාලන මැතිවරණයට පෙර ප්‍රාදේශීය සභා,මහ නගර සභා සහ නගර සභා වලට පත්කරගනු ලබන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හරි අඩුකින් අඩු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ අනුව දැනට සිටින මන්ත්‍රීවරුන් සංඛ්‍යාව වන 8000ක ප්‍රමාණය 4000ක් දක්වා අඩුකරන බවත් ඒ වෙනුවට ජන සභා වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් සඳහන් කරයි.
එසේම ප්‍රාදේශීය සභා සතු විධායක බලතල සභාපතිවරයා ප්‍රමුඛ කමිටුවකට ලබාදිය යුතු බවද පවසයි. තනි සභාපතිවරයෙකු වෙනුවට මෙම සංශෝධන සංස්ථාගත කිරීමට කටයුතු කරන බවද පවසන ජනාධිපතිවරයා අදාල නීති කෙටුම්පත් මීළග මැතිවරණයට පෙර සම්පාදනය කරන බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment