පුංචි රාවණා දිය ඇල්ලට වැටී විදේශිකයා මරුට

595

ඇල්ල” කිතල්ඇල්ල” පුංචි රාවණා දිය ඇල්ල අසල ගල්තලාවක තිබී මියගිය විදේශීය සංචාරකයකුගේ මළ සිරුරක් පෙරේදා (27 දා) හවස සොයා ගෙන ඇතැයි ඇල්ල පොලිසිය පවසයි’

පුංචි රාවණා දිය ඇල්ලට වැටී විදේශිකයා මරුට

ගල්තලාවක අඩි සියයක් පමණ පහළින් වැටී තිබූ ජර්මන් ජාතික ජෑන් ලියොන්හාට් නමැති තිස් තුන්හැවිරිදි විදේශීය ජාතිකයෙකුගේ මළ සිරුරක් ඇල්ල පොලිසිය විසින් මෙසේ සොයා ගෙන ඇත’

ප‍්‍රදේශවාසියකු විසින් හදිසි දුරකතන අංක 119 දුරකථන අංකයට ලබාදුන් තොරතුරකට අනුව මෙම විදේශීය ජාතිකයාගේ මළ සිරුර සොයා ගෙන තිබිණි’

මෙම සංචාරකයා පුංචි රාවණා දියඇල්ලේ ඡුායාරූප ගැනීමට යෑමේදී ගල්තලාවෙන් බිමට වැටී මිය යන්නට ඇතයි පොලිසිය සැක කරයි’ මිය ගිය සංචාරකයාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන තෙක් දේහය බදුල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ’

බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාලිංග ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි ඇල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක උපේන්ද්‍ර වාසනා අබේගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ ඇල්ල පොලිසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති’

කරුණාරත්න පල්ලේගම – බණ්ඩාරවෙල” හපුතලේ – බුවනෙක

advertistmentadvertistment
advertistmentadvertistment