පුටින්ගේ අරමුණ යුකේ‍්‍රනයේ රෙජීම වෙනසක්?

350

පුටින් යනු නුතන හිට්ලර්ද? කවරක් නමුත් ඔහුට අවශ්‍ය සිය මවුබිම එක්සේසත් කිරීමටය. 2022 දී යුරෝපා රටක් ආක‍්‍රමණයට පුටින් බලවත් වූයේ කෙසේද? ඔහු කිසිකෙනකුට දෙවැනි නොවන ජාතිකවාදී නායකයෙකි. ඒ ගැන තර්කයක් නැත. පුටින්ගේ සීයා ජෝශප් ස්ටාලින්ගේ අරක්කැමියා ලෙස සේවය කර ඇත. පුටින්ගේ ආදර්ශ ගන්නේ ස්ටාලින්ගෙන්ද? ඇත්තෙන්ම බොහෝදෙනා නොදන්නා කරුණක් වන්නේ පුටින්ගේ ආදර්ශය වන්නේ ඔහුගේ හිටපු ප‍්‍රධානියකු වූ ශාන්ත පීටර්ස්බර්ග් හි නගරාධිපති වූ ඇනතොලි සොබ්චැක් ය. එවක පුටින් නියෝජ්‍ය නගරාධිපති විය.

 2015 දී යුකේ‍්‍රනයේ ක්වර්තාල් සමාගම විසින් ‘‘ජනතාවගේ සේවකයා” නම් දේශපාලන වැඩසටහනක් නිෂ්පාදනය කළ අතර එය 1+1 නම් රූපවාහිනි නාලිකාව ඔස්සේ විකාශය කෙරිණි. මෙම කතාවෙහි සඳහන් වන්නේ එක්තරා තරුණ ගුරුවරයකුගේ කතා පුවතකි. ඔහු යුකේ‍්‍රනයේ ඔඩුදුවාගොස් ඇති දූෂණය පිළිබඳ විවේචනය කරන වීඩියෝවක් වේගයෙන් ජනප‍්‍රියවෙයි. එය කෙළවර වන්නේ ඔහු ජනාධිපති ධුරයට පත් වීමෙනි. මෙම කතා මාලාව එකල යුකේ‍්‍රනයෙහි බෙහෙවින් ජනප‍්‍රිය විය. මේ තරුණ ගුරුවරයා විකට නළුවකු වූ වොලොදිමීර් සෙලෙන්ස්කි වේ. රූපවාහිනි කතාවෙන් ලද ජනප‍්‍රියතාවය නිසාම ඔහු 2019 ජනපති ධුරයට පත්වේ. වොලොදිමීර් තම මැතිවරණ සටන ගෙනයන්නේ සමාජ මාධ්‍ය හරහාය. සමාජ මාධ්‍ය හරහා වීරයකු වූ මේ විකට නළුවා නිසා අද යුකේ‍්‍රනයට යහපත උදාවී ඇත්ද? රුසියාවට එරෙහිව කටමැත දෙඩවූ යුදෙව් පවුලක උපන් ජනපතිවරයාට අවසානයේ තනිවම සටන් වැදීමට සිදුව ඇත. නේටෝ හමුදාවන් රුසියාවේ ප‍්‍රහාරවලට ප‍්‍රතිප‍්‍රහාර දෙන්නට පැමිණියේ නැත. ඇමෙරිකානු ජනපතිවරයා සිය ට්විටර් ගිණුම හරහා පමණක් ජනපති පුටින්ට තර්ජනය කරයි. රුසියානු වොඞ්කා අලෙවිය ඇමෙරිකාව හා කැනඩාව තහනම් කර ඇති අතර ඒවා සුපිරි වෙළෙ`ද ශාලාවල රාක්කවලින් ඉවත් කර තිබේ. යුකේ‍්‍රන හමුදාවන්ගේ නිර්භීතකම සම්බන්ධයෙන් එක්සත් රාජධානිය ‘‘ඉතාමත්ම පැහැදී සිටින බව” බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ප‍්‍රකාශ කළ කර තිබේ. නමුත් රුසියානු බෝම්බ ප‍්‍රහාර දිනෙන් දින වැඩිවනවා පමණක් නොව සාමාන්‍ය ජනයා වෙසෙන ප‍්‍රදේශද මිසයිල ඉලක්ක බවට පත්ව තිබේ. තවත් 7,000ක අමෙරිකානු භට කණ්ඩායමක් ජර්මනියට යවා ඇති අතර නේටෝ සංවිධානයේ කොටසක් වන බෝල්ටික් කලාපය වෙතද අමෙරිකානු හමුදා භටයන් 800ක් යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන නමුත් සෙලෙන්ස්කි වෙනුවෙන් වෙඩි පත්තු කරන්නට ඇමෙරිකානු භටයන් කිව් නගරයට පැමිණෙන්නේ නැත. ඊයේ දිනයේ යුකේ‍්‍රන අගනුවරට ඇඳිරි නීතිය දමා තිබූ අතර එය අද දින දක්වා ක‍්‍රියාත්මක බව නිවේදනය කර තිබුණේ රුසියානු හමුදා ඉතා ළ`ගටම පැමිණ සටන් කරමින් තිබූ නිසාය. නගරය හැර දමා පිටතට යන සියලූ දෙනා ‘‘සතුරාගේ කඩාකප්පල්කාරී කණ්ඩායම්වල සාමාජිකයන් ලෙස සලකනු ලැබේ” යනුවෙන් යුකේ‍්‍රන බලධාරීන් එරට නගර වැසියන්ට අනතුරු ඇඟවා තිබිණි. බි‍්‍රතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබුණේ රුසියානු හිතවාදී කඩාකප්පල්කාරීන් කිව් අගනුවර තුළට පැමිණ ඇති බවයි. රුසියානු ආක‍්‍රමණයේ සිව්වන දිනය ක‍්‍රියාත්මක වෙද්දී යුකේ‍්‍රනය බෝම්බ ප‍්‍රහාර වලින් කම්පිතව තිබිණි.

 එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාට අනුව, යුකේ‍්‍රන ජාතිකයන් 1,20,000 කට වැඩි පිරිසක් රටින් දැනටමත් පිටව ගොස් ඇති අතර 8,50,000 ක් අභ්‍යන්තරව අවතැන්ව සිටිති. තත්ත්වය තවදුරටත් නරක අතට හැරුණහොත් යුකේ‍්‍රන වැසියන් මිලියන 4ක් දක්වා එරටින් පලා යා හැකි බවත් දේශසීමා ගණනාවක දිගු පෝලිම් පවතින බවත් ප‍්‍රකාශ කර තිබේ. යුකේ‍්‍රන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි රුසියානු ආක‍්‍රමණයට ප‍්‍රතිරෝධය දක්වන ලෙස තම වැසියන්ට ආයාචනා කරන අතර විදේශගතව සිටින අයට නැවත සිය රටට පැමිණ සටන් කරන ලෙසද ඉල්ලයි. ‘‘අපි ඔබට ආයුධ දෙන්නම්” යැයි ඔහු කියයි. අනෙක් පැත්තෙන් රුසියාව සමග සටන් විරාමයකටද කැමැත්ත ප‍්‍රකාශ කර තිබිණි. එසේම තමා අගනුවරින් පලා නොයන බවත් හමුදාව සමග එක්ව සටන් කරන බවත් 44 හැවිරිදි සෙලෙන්ස්කි ජනපතිවරයා පවසා තිබිණි. ‘‘මම මෙතන ඉන්නවා, අපි ආයුධ බිම තියන්නේ නැහැ, අපි අපේ රට ආරක්ෂා කරන්නෙමු, මන්ද අපගේ ආයුධය සත්‍යය, අපගේ සත්‍යය නම් මෙය අපේ භූමිය, අපේ රට, අපේ දරුවන්, අපි මේ සියල්ල ආරක්ෂා කරමු. ඒක තමයි මට ඔබට කියන්නට අවශ්‍ය වූයේ එපමණයි. යුක්රේනයට ජය’’ ඔහුගේ ට්විටර් පණිවුඩයේ සදහන්ව තිබිණි.

 කෙසේ නමුත් රුසියාවට අවශ්‍ය වන්නේ කුමක්ද? යුකේ‍්‍රනයේ රෙජිම වෙනසකි. විකට නළුවා ජනපති ධුරයෙන් පහකර තමන්ට හිතවත් ආණ්ඩුවක් පත්කිරීමටය. විකට නළුවා බටහිර පදයට නටන බව දන්නා නිසා ඔහු විනාශ කිරීමට රුසියානු විශේෂ බළකායන් මෙහෙයුමක් ආරම්භ කර ඇත. කිව් නගරය අල්ලා ගැනීමත් ජනාධිපති වොලොදිමීර් අල්ලා ගැනීම හෝ මරා දැමීමත් රුසියාවේ ප‍්‍රධාන අරමුණයි. ඒ ගැන තර්කයක් නැත. රුසියාව මේ මෙහෙයුම් සදහා සූදානම් වූයේ පසුගිය වසරේ සිටය.

 2021 ජූලි මාසයේදී ජනපති පුටින් රුසියානුවන් සහ යුකේ‍්‍රනියානුවන් ‘‘එක් ජනතාවක්” ලෙස හැඳින්වූ අතර, බටහිර යුකේ‍්‍රනය දූෂිත කර ‘‘බලහත්කාරයෙන් අනන්‍යතාවය වෙනස් කිරීම” හරහා රුසියාවේ කක්ෂයෙන් ඉවතට ඇද දැමූ බව පවසා සිටියේය.

 ඩොනෙට්ස්ක් සහ ලූහාන්ස්ක් මහජන සමූහාණ්ඩුව පිළිගැනීමට ඔහුගේ තීරණය නිවේදනය කරමින් ඉකුත් සතියේ සඳුදා දිනයේය.

 ඒ තීරණය ප‍්‍රකාශ කරමින් ජාතිය ඇමතූ රුසියානු ජනපතිවරයා යුකේ‍්‍රනයේ ස්වෛරීභාවය ගැන සැක පහළ කළේය එසේම ඔහු මෙසේද කියා සිටියේය. ‘‘මේ ශිෂ්ට යැයි කියාගන්නා ලෝකය මිලියන හතරක් දෙනා ඝාතනය වෙන ජන සංහාරය, ඒ භීෂණය සිදුවුණේ නැහැ වගේ ඉන්න හදනවා” ජනාධිපති පුටින් පැවසුවේ නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් ප‍්‍රදේශය පිළිබඳව ය. ඔහු එහි රුසියානු භාෂාව කතාකරන පදිංචිකරුවන් ‘‘ජන සංහාරයකට” ලක්ව ඇති බව ඔහු අවධාරණය කරයි. මේ කලාපයේ ගැටුම් ආරම්භ වූ 2014 අපේ‍්‍රල් 14 දින සහ 2022 පෙබරවාරි 21 අතර කාලයේ දී නැගෙනහිර යුක්රේනයේ පුද්ගලයන් 14,200 – 14,400ක් අතර ප‍්‍රමාණයක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු කර තිබිණි. මේ පලිය ගැනීම දැන් පුටින් ආරම්භ කර ඇත. එදා ඔහු තමන්ගේ මෙහෙයුමට අදාළ කතාව නොකියා කියා සිටියේය. මෙම ප‍්‍රකාශයෙන් දින තුනක් යද්දී කතාව යථාර්තයක් විය. පසුගිය බ‍්‍රහස්පතින්දා මොස්කව් වේලාවෙන් උදෑසන 05:55ට (ශ‍්‍රී ලංකා වේලාවෙන් උදෑසන 08.25ට) පමණ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනය කළේ යුකේ‍්‍රනයේ නැගෙනහිර ඩොන්බාස් ප‍්‍රදේශයේ ‘‘විශේෂ හමුදා මෙහෙයුමක්” දියත්කර ඇති බව යි. මෙය ආත්මාරක්ෂක පියවරක් බව පුටින් ප‍්‍රකාශ කළේ ය. ඔහු ආයුධ බිම තබන්නැයි යුකේ‍්‍රනියානු සොල්දාදුවන්ගෙන් ඉල්ලා සිටියේ ය. බීබීසීයේ යුකේ‍්‍රන් වාර්තාකාරියක වන මාර්තා ෂකලෝ සිය අත්දැකීම මෙලෙස හෙළිකර තිබිණි.” ජනපති ව්ලැදිමීර් පුටින් ආක‍්‍රමණයක් ගැන නිවේදනය කරපු බවට පණිවිඩයක් ලැබුණු නිසා මම රාත‍්‍රියේ අවදියෙන් සිටියා. ඒ එක්කම පිපිරීම් පටන් ගත්තා. ඒවා මගේ ගෙදරටත් ඇහුණා. නගරයේ විවිධ ප‍්‍රදේශවල මිනිස්සු, ඔවුන්ගේ ප‍්‍රදේශයේ සිදුවුණු පිපිරීම් ගැන අපේ වට්ස්ඇප් ගෲප් එකට පණිවිඩ එවන්න පටන් ගත්තා. මම මගේ 10 හැවිරිදි පුතාවත් ලෑස්ති කරගෙන, ජනේලවලට හැකි තරම් ඈතින් වාඩිවෙලා උදේ ආහාරය ගත්තා. ඒත් ඔහු බිය වැඩිකමට වමනය කළා. ඉටිපන්දමකුයි, වතුරයි අරගෙන අපි අපේ බිම්ගෙට ගියා. තත්ත්වය තවත් නරක අතට හැරුණොත් අපේ රැකවරණය තියෙන්නේ එතන.

 යුකේ‍්‍රනය ආක‍්‍රමණය කිරීමට පෙර ජනපති පුටින් බටහිර බලවතුන්ට කිවේ කුමක්ද? මගේ ගමනට එරෙහි වුවහොත් ඔබට ඉතිහාසයේ කිසිම දිනක මුහුණ නොදුන් අනතුරුවලට මුහුණපාන්නට සිදුවන බවයි. 2008 දී පුටින් ජෝර්ජියාව ආක‍්‍රමණය කළේය. 2014 දී ඔහු ක‍්‍රිමියාව තමන්ගේ රටට ඈ`දා ගත්තේය. පුටින් යනු නුතන හිට්ලර්ද? කවරක් නමුත් ඔහුට අවශ්‍ය සිය මවුබිම එක්සේසත් කිරීමටය. 2022 දී යුරෝපා රටක් ආක‍්‍රමණයට පුටින් බලවත් වූයේ කෙසේද? ඔහු කිසිකෙනකුට දෙවැනි නොවන ජාතිකවාදී නායකයෙකි. ඒ ගැන තර්කයක් නැත. පුටින්ගේ සීයා ජෝශප් ස්ටාලින්ගේ අරක්කැමියා ලෙස සේවය කර ඇත. පුටින් ආදර්ශ ගන්නේ ස්ටාලින්ගෙන්ද? ඇත්තෙන්ම බොහෝදෙනා නොදන්නා කරුණක් වන්නේ පුටින්ගේ ආදර්ශය වන්නේ ඔහුගේ හිටපු ප‍්‍රධානියකු වූ ශාන්ත පීටර්ස්බර්ග් හි නගරාධිපති වූ ඇනතොලි සොබ්චැක් ය. එවක පුටින් නියෝජ්‍ය නගරාධිපති විය.

 මේ අතර රුසියාව යුකේ‍්‍රනය ආක‍්‍රමණය කරන විට, චීනය තායිවානය ආක‍්‍රමණය කිරීමේ හැකියාව පිළිබඳ කනස්සල්ල මතු වී තිබේ. බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පසුගියදා මියුනිච් හි පැවති ආරක්ෂක සමුළුවකදී මේ කරුණු ගැන අදහස් දක්වා තිබිණි. යුකේ‍්‍රන ආක‍්‍රමණයට දින කිහිපයකට පෙර ජොන්සන් පවසා තිබුණේ, ”ජනාධිපති පුටින් අදහස් කරන්නේ කුමක් දැයි අපි සම්පූර්ණයෙන් දන්නේ නැත, නමුත් පෙර නිමිති භයානක ය. යුකේ‍්‍රනය ප‍්‍රහාරයට ලක්වුවහොත් එම කම්පනය ලොව පුරා දෝංකාර දෙනු ඇත. එම දෝංකාරය නැගෙනහිර ආසියාවට ඇසෙනු ඇත, තායිවානයට ඇසෙනු ඇත.

 කෙසේ වෙතත්, චීන ආණ්ඩුව මේ කරුණු ප‍්‍රතික්ෂේප කර ඇත. චීන විදේශ අමාත්‍යාංශයේ ප‍්‍රකාශක හු චුනින් පැවසුවේ, ‘‘තායිවානය යනු යුකේ‍්‍රනය නොවේ. තායිවානය සෑමවිටම චීනයේ වෙන් කළ නොහැකි කොටසකි. මෙය අවිවාදිත නෛතික හා ඓතිහාසික සත්‍යයකි.” නමුත් රුසියාව යුකේ‍්‍රනය ආක‍්‍රමණය කළ බ‍්‍රහස්පතින්දා දිනයේ තායිවානයට සිය ගුවන් ආරක්ෂක කලාපයට ඇතුළු වූ චීන ගුවන් යානා නවයකට අනතුරු ඇඟවීමට සිදුවිය. තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය ද ප‍්‍රකාශ කළේ රුසියානු ආක‍්‍රමණය තායිපේ තුළ සමීපව නිරීක්ෂණය කරන බවයි. යුකේ‍්‍රනය ආක‍්‍රමණයේදී චීනය සැමවිටම රුසියාව පිටුපස සිටී. නමුත් ඉන්දියාව මධ්‍යස්ථව සිටීම එරට දේශපාලන ආන්දෝලනයකට තුඩුදී ඇත.

 චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment