පුටින්ගේ මීළග ඉලක්කය මොල්ඩෝවා

202

*පුටින්  පවුලේ අය භූගත  නගරයකට  යවයි
 
 *කිව් අගනුවර රූපවාහිනී සම්පේ‍්‍රෂණ කුලූනට මිසයිල ප‍්‍රහාර
 
 * පෝලන්තය – රුමේනියාව ලිතුවේනියාව සහ එස්ටෝනියාවට  නේටෝ බළකා

පුටින්ගේ මීළග ඉලක්කය මොල්ඩෝවා

යුක්රේනයේ කිව් අගනුවර පිහිටි අඩි 1300ක් උසැති රූපවාහිනි සම්පේ‍්‍රක්‍ෂණ කුලූනට රුසියානු මිසයිල ප‍්‍රහාරයක් එල්ලවීමෙන් රූපවාහිනි විකාශන නතර වී ඇත. මෙම සම්පේ‍්‍රෂණ කුළුන සමීපයේ පිහිටි යුදෙව්වන් 34,000ක් සැමරීමේ ස්මාරකයට ද බරපතළ හානි සිදු වී තිබේ.

පුටින්ගේ මීළග ඉලක්කය මොල්ඩෝවා

 මෙම ප‍්‍රහාරයේදී සිවිල් වැසියන් පස්දෙනෙක් මරුමුවට පත් වී ඇත. අසල පිහිටි නිවාස 18ක් ද විනාශ වී තිබේ. මේ අතර සැතපුම් 40ක් දුරට රුසියානු යුද ටැංකි විශාල සංඛ්‍යාවක් පැමිණෙන බව චන්ද්‍රිකා ඡායාරූපවලින් තහවුරු වී ඇත. මේ තත්ත්ව මත නේටෝ සංවිධානයට අයත් එස්ටෝනියාව භටයන් 6000ක බළකායක්ද ලැට්වියාව භටයන් 1200ක් ද ලිතුවේනියාව භටයන් 6900ක් ද පෝලන්තය භටයන් 6900ක් ද රුමේනියාව සහ ස්ලෝවැකියාව භටයන් 2400ක් සිරුවෙන් තබා තිබේ.

 රුසියාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා නිසා පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්‍ෂ කරීම් ඛාන් ප‍්‍රකාශ කර ඇත. මේ අතර යුක්රේන් ජනපති වැලෙන්ස්කි ඝාතනය කිරීමට එවා තිබූ චේච්නියානු ඝාතක කණ්ඩායම විනාශ කළ බව යුක්රේන් ආරක්‍ෂක ලේකම් ඔලෙක්සි ඩැනිලෝව් හෙළි කළේය. චෙච්චියානු නායක රාමසාන් කඞ්යාරොව්ද ඒ බව පිළිගෙන ඇත. යුක්රේන් ජනපති වැලෙන්ස්කි ඊයේ ප‍්‍රකාශයක් කරමින් රුසියාව ත‍්‍රස්ත රාජ්‍යයක් බව පළ කළේය. යුක්රේනය කිසිවකුටත් සමාව නොදෙන බව පැවසූ ජනපති වැලෙන්ස්කි යුක්රේන ආක‍්‍රමණය අමතක නොකරන බව කීවේය. මේ අතර කාර් විව් නගරයට එල්ල වූ වාෂ්ප බෝම්බ නිසා සිවිල් වැසියන් 11 ක් මියගොස් 44 ක් තුවාල ලබා ඇත. කාර්තිව් නගරයේ රාජ්‍ය පරිපාලන ගොඩනැගිල්ලද රුසියානු මිසයිල ප‍්‍රහාරවලින් විනාශ වී තිබේ.

 ඇති වී තිබෙන බරපතළ තත්ත්වය නිසා යුක්රේන් සිරකරුවන් නිදහස් කරන බවත් ඔවුන් රට රැකීමට එක්විය යුතු බවත් ජනපති වැලෙන්ස්කි වැඩිදුරටත් කියා සිටියේය. මේ පසුබිම ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගී බටහිර රටවල් රැසක තානාපතිවරු රුසියානු විදේශ ඇමැති සර්ජෙයි ලැව්රොව් ප‍්‍රකාශයක් කරන අවස්ථාවේ ඉවත්ව ගියහ. ලැව්රොව් මානව හිමිකම් සමුළුවට අමතා පැවසූවේ යුක්රේනය න්‍යෂ්ටික අවි ලබාගැනීමට උත්සාහ කළ නිසා රුසියාව ඊට ප‍්‍රතිචාර දැක් වූ බවයි. මානව හිමිකම් සමුළුව වෙත පැමිණවීමට ලැව්රොව් තීරණය කර තිබුණත් අවසාන මොහොතේ ඔහු සිය සංචාරය නතර කර ඇත.

 මේ අතර රුසියානු ජනපතිවරයා සිය පවුලේ අය සයිබිරියාවේ පිහිටි භූගත නගරයකට යවා ඇත. මෙම භූගත නගරය න්‍යෂ්ටික ප‍්‍රහාරයකට ඔරොත්තු දේ. මොස්කව්හි හිටපු මහාචාර්ය වැලර් සොලාවේ මේ තොරතුරු හෙළි කර ඇත. එම මහාචාර්යවරයා තවදුරටත් පැවසූවේ පුටින් මානසික ආතතියකින් පෙළෙන බවයි. මෙම සුපිරි නගරය අල්ටායි කඳුකරයේ පිහිටා ඇත. එය අධිතාක්‍ෂණික පද්ධතිවලින් සමන්විතව තිබේ. එහෙත් මොස්කව් පාර්ශ්ව පැවසූවේ මහාචාර්ය සොල්වේ බොරුකාරයකු බවයි.

 රුසියානු පොලිසිය වරක් මහාචාර්ය සොල්වේගේ නිවස වටලා විiුත් උපකරණ රැසක් සොයාගෙන තිබුණි. ජනපති පුටින් වෙනුවෙන් මෙම භූගත නගරය ඉදිකිරීමට ජර්මානු සහය ලබා ගෙන ඇත. එම භූගත නගරයේ පදිංචිය සඳහා පුටින් තම අනියම් බිරිය වූ ඔලිම්පික් රන් පදක්කම්ලාභී ඇලීනා කෙබේවා යන දියණියන් වූ මාරියා වොරෙන්සෙක්වා සහ කැතරිනා ටික්හොනේවා ද එම භූගත නගරයට යවා තිබේ. මේ අතර රුසියානු ජනපති මොල්ඩෝවා රාජ්‍යය ද ආක‍්‍රමණය කිරීමට තීරණය කර ඇතැයි පැවසේ රුසියානු යුක්රේන් ගැටුමට අදට දින 7ක් ගතවේ.

 යුක්රේන ආක‍්‍රමණයට එරෙහි තරුණ පිරිස් සහ ළමුන්ද අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. යුද්ධයට එරෙහි බැනර් සහ මල් අතැතිව සිටි ළමුන් පොලිස්රියක සිටින ඡුායාරූපයක් ද මේ වනවිට විනාශනය වී ඇත.

 විරුද්ධ පක්‍ෂ මන්ත‍්‍රීනී ඉල්යා යාෂින් පැවසූවේ ප‍්‍රාථමික පාසලක සිසුන් තිදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි. මේ පසුබිම මැද බි‍්‍රතාන්‍යය හමුදා සේනාංකයක් එස්ටෝනියාවන්ද නෝර්වේ බළකායක් ලිතුවේනියාවට ද ඇමෙරිකානු බළකා දෙකක් පෝලන්තයට යන රුමේනියාවට ද පැමිණ ඇත. නේටෝ සංවිධානයට සම්බන්ධව ප‍්‍රංශ හමුදා බළකායක් රුමේනියාවට ද පැමිණ තිබේ. බි‍්‍රතාන්‍යය අගමැති බෝර්ස් ජොන්සන් පෝලන්තයේ පැවැත් වූ මාධ්‍ය සාකච්ඡුාවට කඩා වැදුණු ¥ෂණ මර්දන ඒකකයේ ප‍්‍රධානි ඩාරියා, කැලේ හියුස් රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පනවන ලෙස ඉල්ලා සිටියාය. යුක්රේන ළමුන් රුසියාවේ ඉලක්කය වී තිබියදී නේටෝ සංවිධානය කිසිදු පියවරක් නොගැනීම ගැන ඇය චෝදනා කළාය.

 මේ අතර බි‍්‍රතාන්‍ය අගමැති බෝර්න් ජොන්සන් පැවසූවේ රුසියානු ජනපති පුටින් මිලෙච්ඡුයකු බවයි. රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීමේ සිද්ධියෙන් පසු 520,000ක් ජනතාව යුරෝපා රටවලට පැනගොස් ඇත. මේ අතර රුසියාව සම්බන්ධ වී නිපද වූ චිත‍්‍රපටද නතර කර ඇත. තුර්කියද බොස්පර්ස් සමුද්‍ර සන්ධිය අවහිර කරමින් යුද නැව්වලට පැමිණීම ව්‍යාර්ථ කර තිබේ. මෙම යුද්ධයත් සමගම රුසියාවේ රූබල් මුදල් අසරණ තත්ත්වයකට පත්ව ඇත. එසේම රුසියානු කෝටිපතියන්ගේ රුවල් යාත‍්‍රා බටහිර රටවල් වරායන් වෙතින් පැනගොස් තිබේ. ඇතැම් යාත‍්‍රා මාලදිවයින මුහුදු කලාපයට ද පැමිණ ඇත. මේ තත්ත්වය මත බටහිර මාධ්‍ය සාවද්‍ය තොරතුරු විශාල ලෙස විකාශනය කරන බව හෙළිවී ඇත.

 සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment