පුටින් ජනපති අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පෙළෙන බවට සාක්ෂි නැහැ – ඇමරිකානු සී අයි ඒ ප්‍රධානි

174

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අයහපත් හෝ අස්ථාවර සෞඛ්‍ය තත්ත්වයකින් පසු වන බවට කිසිදු බුද්ධි අංශ වාර්තාවක් ලැබී නොමැති බව ඇමරිකානු සී අයි ඒ (මධ්‍යම බුද්ධි කාර්යාංශය) රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂක විලියම් බර්න්ස් පවසයි.

ඇතැම් මාධ්‍ය මගින් රුසියානු ජනාධිපතිවරයා පිළිකාවකින් හෝ අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පෙළෙන බවට පළ කර ඇති වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සී අයි ඒ ඔත්තු සේවා ප්‍රධානියා මේ බව පවසා තිබේ. පුටින් ජනාධිපතිවරයා අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පෙළෙන බවට ඔප්පු කළ හැකි සාක්ෂි කිසිවක් නොමැති බව පෙන්වා දෙන බර්න්ස් ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසු වන බව පෙනී යන බව අවධාරණය කර තිබේ. රුසියාවේ ඇමරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කර ඇති සී අයි ඒ ඔත්තු සේවයේ ප්‍රධානියා පවසා ඇත්තේ තමා පුටින් ජනාධිපතිවරයා සමග දශක දෙකක කාලයක් ගනුදෙනු කර ඇති බවත් ඔහු පාලනය හා බිය ගැන්වීම සම්බන්ධයෙන් දැඩි විශ්වාසයකින් පසු වන අයෙකු බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment