පුටින් පෙම්වතියට මන්දිරයක් දීලා… පැන්ඩෝරා හෙළි කිරීම් රුසියාව ප්‍රතික්‌ෂේප කරයි

494

පැන්ඩෝරා පති‍්‍රකා හරහා හෙළිකරණ කරුණු රුසියාව ප්‍රතික්‌ෂේප කර තිබේ.

ක්‍රෙම්ලිනයේ ප‍්‍රකාශක දිමිති‍්‍ර පෙෂ්කොව් සඳහන් කර ඇත්තේ සනාථ කළ නොහැකි හෙළිදරව්වක් සිදුකර ඇති බවත්, පැන්ඩොරා පති‍්‍රකා හරහා ජනපති පුටින්ගේ පෙම්වතියට මොනාකෝ රාජ්‍යයේ මන්දිරයක් ඇති බව හෙළිකර තිබිණි. ඩොලර් මිලියන 4 ක් වටිනා එය මිලදී ගෙන ඇත්තේ පුටින් ජනපතිවරයා රහසේ උපයන ලද මුදලින් බව සඳහන් වේ.

එහෙත් ක්‍රෙම්ලින ප‍්‍රකාශකයා පවසන්නේ පුටින් ජනපතිවරයාට සැඟවූ ධනයක් නැති බවයි. එසේම මේ ගැන පරීක්‍ෂණයක් අවශ්‍ය නොවන බවත් ඔහු කියයි.

පැන්ඩොරා පති‍්‍රකා මාධ්‍යයට නිකුත් වූයේ පසුගිය ඉරිදා දිනයේදීය. මෙහි ලෝක නායකයන් 35 දෙනෙකු හා බිලියනපතියන් සියයකගේ අයථා ගනුදෙනු හෙළිකර තිබිණි.

ඒ අතර හිටපු ඇමැතිනි නිරූපමා රාජපක්‍ෂ මහත්මිය සහ ඇගේ සැමියා තිරු නඬේසන්ගේ නමත් විය.

පැන්ඩෝරා පති‍්‍රකා අනාවරණය පිටුපස සිටින්නේ විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment