පුත්තලමේ ආයෙත් අන්තවාදය !

1098

වසර තිහක් තිස්සේ මුළු රටම පෙළුෑ අමානුෂික අමිහිරි යුද්ධයක බෝම්බ හඬ, වෙඩි බෙහෙත් ගඳ, සමග මුසු වූ මරණ භීතිය, යුද්ධය නිමා වී සැනසුම් සුසුම් හෙළමින් සිටියදී ජනතාවට යළි ඒ වෙඩි බෙහෙත් ගඳ බෝම්බ හා මරණ භීතිය යළි කැඳවා ගෙන ආයේ පුත්තලමේ සිද්ධියයි.

පුත්තලමේ වනාතවිල්ලූවේ ලැක්ටෝ හවුස් වත්ත නමැති ගොඩබිමෙන් ද කලපුවෙන් ද මායිම් වූ පොල් වත්තක වළ දමා තිබූ බෝම්බ ද පුපුරණ ද්‍රව්‍ය ද, රැසක් අපරාධ විමර්ශන අංශ මගින් සොයා ගන්නා ලදී. ඊට අදාළ සැකකරුවන්, මාවනැල්ලේ බුදු පිළිම කැඩූ අය සම`ග සබඳතා පවත්වා තිබුණි. මේ සෑම දෙනා මුසල්මානුවන්ය.

මේ අමානුෂික මිථ්‍යා දෘෂ්ඨික මුසල්මානුවන්, තම අනාගත බිහිසුණු ඉලක්කයන් සාක්‍ෂාත් කර ගැනීම උදෙසා රටේ මෙම ස්ථානම තෝරා ගත්තේ ඇයි දැයි යන්න විමර්ශනයට ලක් කළ යුතු කාරණා වන්නේය. මුස්ලිම් ජාතීන් බහුතරයක් වෙසෙන, එසේම හුදෙකලා පෙදෙස් ඔවුනගේ ක‍්‍රියා කලාපයන් සඳහා වඩාත් සුදුසු වන අතර, කාගේත්, සැකයකට බඳුන් නොවීමට එය ඉවහල් වන බව ඔවුන් දැන සිටින්නට ඇත. වනාතවිල්ලූවේ කලපු බඩ පෙදෙස්වල ඇත්තේ අක්කර 50-60 බැගින් වූ යාව පිහිටි පොල් වතුය. ඒවායේ හිමිකරුවන් බොහොමයක් මුස්ලිම් ජාතිකයින් ය.

දැනට නම් රජයේ මැති ඇමැතිවරුන්ගේද අක්කර 50-60 ඉඩම්, වනාතවිල්ලූවේ, සරුසාර භූමිවල තිබේ. ඒවායේ පොල් පැළ සිටුවන්නේද, නඩත්තු කරන්නේද දුප්පත් පොල් වගාකරුවන්ට ලබා දෙන වගා සහනාධාර හා මුදල් ද උදුරා සොරා ගනිමිනි.

පුත්තලම නගරයේ වෙසෙන සම්ප‍්‍රදායික මුස්ලිම් ධනවතුන්ගේ, ඉහළ පෙළේ ප‍්‍රභූන්ගේ පොල් ඉඩම් ද මේ අතර වෙයි. ඇතැම් ඒවා ඔවුන්ගේ පාරම්පරික ඉඩම්ය. එනිසා මෙම පෙදෙස්වල මුස්ලිමන් ගැවසීම අරුමයක් නොවේ මය.

ලැක්ටොප් හවුස් පොල් වත්ත පුත්තලම නගරයේ ලැක්ටෝ හවුස් නමින් හෝටලයක් ව්‍යාපාරයක් කළ මුස්ලිම් ව්‍යාපාරිකයා තම පුතුන් තිදෙනාට උරුම කළ වන්නකි.

පුත්තලම දිස්ත‍්‍රික්කයේ මුළු බිම් ප‍්‍රමාණය හෙක්ටයාර තුන් ලක්‍ෂ හත්දාස් දෙසීයකි. (307200) ඉන් වැඩිම බිම් ප‍්‍රමාණයක් එනම් හෙක්ටයාර 71530 (හැත්තෑ එක් දහස් පන්සිය තිහක්) එනම් මුළු බිම් ප‍්‍රමාණයෙන් සියයට විසිතුනයි දශම තුනක් (23.3%) හිමිව ඇත්තේ වනාතවිල්ලූව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටයි. විල්පත්තු මහ කැළයෙන් කොටසක්ද මුහුද ද, කළපුවද, කඩොලාන බිම් තීරු ද හිමි මෙම පෙදෙස වඩාත් සක‍්‍රිය හා සශ‍්‍රික කරනුයේ කලාඔය කොමළියයි. රට මැදින් දිගු දුර ගමනක යෙදෙන ඇය ‘‘ගෙ`ග් වාඩිය’’ නම් වූ ස්ථානයෙන් මහමුහුදු හිමි සිප ගැනීමට පෙර සිය දිගු කේශ කලාපය සතර අත අලංකාරව විසුරුවා හරයි. එයම වනාතවිල්ලූව බිමේ සරුසාර බවට හේතු වී තිබේ. ඒ සරුසාර බවින් ප‍්‍රයෝජන ගැනීමට වගාකරුවෝ, පොල්, කජු, කෙසෙල් මහා වගාවන්ද, කෙටිකාලීන බෝග වගාවන්ද සිදු කරති. ඵල ලබති. රටට අවැසි කජු ප‍්‍රමාණයෙන් අඩක් පමණම සැපයෙන්නේ වනාතවිල්ලූව කජු වතු වලිනි. අක්කර 500-800 වැනි කෙසෙල් වගා ඉඩම්වලින් දිනපතාම පාහේ, කුවෙන්ඩිෂ් කෝලිකුට්ටු, ඇඹුල් කෙසෙල් කැන් ලොරි කොළඹට පැට වී යැවේ. ජනගහණයෙන් 55% සිංහලූන්ද 45% ක් මුස්ලිමුන්ද, මෙම බිමේ සාරය මෙලෙස උරති.

මෙපමණ මුස්ලිමුන් පිරිසක් සිටීම හා වගා ව්‍යාපාරයන් පැවැතීම මේ අන්තවාදී ඝාතන මිථ්‍යාදෘෂ්ටික මුසල්මානුවනට පහසුවක්, ලේසියක්ම විය. ඔවුන් නිදහසේ තම ක‍්‍රියාකාරකම් කරගෙන යන්නට ඇත. වතු පිටුපස ඇති කලපුවද ඔවුනට උපකාර කරන්නට ඇත. එම කලපුව, ඉන්දියන් මහ සයුරට සම්බන්ධ වෙයි. මන්නාරම් තොටද ඔවුන් අසළ මය. අදටත් පුත්තලම, කල්පිටිය, මන්නාරම දක්වා ඇති මුහුදු තීරයෙන්, හොර බඩු, කේරළ ගංජා මත්කුඩු, බීඩි කොළ, කහ, සිගරට්, ආදී නීති විරෝධී ද්‍රව්‍ය නාවුක හා තවත් ආරක්‍ෂක අංශවලට හසුවෙයි. නීති විරෝධීව මෙරටින් පටවන, මෝර වරල්, මුහුදු කූඩැල්ලන්, මේවර ඉදිබුවන්, කැබැල්ලෑ පොතු හා විවිධ ශාක, සත්ත්වයින් හසුවෙයි. මෙරට මුහුදු කලාපයට අවුත් අපගේ මූදු පත්ලේ සිටින කූනිස්සාගේ සිට තෝර, මෝර, බල, ආදී විසල් මසුන් ට්‍රෝලර් බෝට්ටු මගින් ලයිලා දැල් යොදා සූරා තොග පිටින් රැගෙන යන ඉන්දීය ධීවරයෝ හසුවෙති. මෙම මුහුද, කලපුව හරහා ගොඩබිමට ජාත්‍යන්තර, ජාවාරම්, කල්ලි, හා විවිධ ආධාර ද විවිධ අයට, සංවිධානවලට නොලැබෙතියි සිතිය නොහේ. ¥ෂිත හා මුදලට ලොල් වූ, රැකවලූන්, නිලධාරීන් සිටින කල එකී කාර්යය තවත් වඩාත් පහසුවෙයි. මෙකී කරුණ අප පවසන්නේද එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්ත සමයේද වනාතවිල්ලූව පෙදෙසින් ඔවුනට, ආහාරපාන, බඩු මූට්ටු, වෙඩි බෙහෙත් සපයා දී තිබූ නිසාද, වනාතවිල්ලූව, හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙක් කොටි මුදල් හා වරප‍්‍රසාදවලට ලොල් වී බි‍්‍රගේඩියර් පාරමී කුලතුංග රණවිරුවාණන් මරා දැමීමට තරම් ඔත්තු සපයා තිබූ බව හෙළිදරවු වීමෙනි.

එකම දෙමළ බසක් කතා කරන නිසාවෙන් ද, තම ජාතිකයින් බහුතරයක් වෙසෙන නිසාද, ඔවුනතර සැගවී අන්තවාදී මුසල්මානුවන් තම අරමුණ නිදහසේ ක‍්‍රියාත්මක කරගන්නට ඇත. ඒ අතරතුර ඔවුහු රට තැන තැන ආරම්භ කළ විවිධ අරාබි පාසල්වල තම සංවිධානයට හිතැති පිරිස්, ගුරුවරු ලවා අනාගත මුස්ලිම් ගැටවුනට මේ මිථ්‍යාව වපුරන්නට ඇත. මත්කුඩු ගැසූ විටක මෙන් ඉන්පසු මෙම තරුණ ගැටව් ඉන්පසු ලේ සුවඳ පසුපස යති. රතු රුහිරු දැකීමේ ආශාවත්. මළකඳන් ගොඩ ගැසීමේ ආශාවත් මිනිස්කම අබිබවා පැන නැග එයි. එයම නොවේද සිදු වුයේ.

සාමකාමී මුස්ලිමුන් අතරෙහි රැඩිකල්වාදී පිරිස්ද සිටිනා බව විටින් විට ආරක්‍ෂක අංශවලට වාර්තා වෙයි. වරෙක් පුත්තලම නගරයේ මුස්ලිමුන් කළ කලබෑගැනියක්, වෙඩි තබා ගැනීමක්ද, නොරොව්චෝල තාප බලාගාර උද්ඝෝෂණ සමයේ ඇතැම් මුස්ලිම් පල්ලිවල වහල අස්සේ වුෂු ගන් නැමැති කෙටි තුවක්කු වර්ගයේ ගිනි අවි ස`ගවා තැබූ පුවත් ද සැළ විය. කෙසේ වෙතත් ප‍්‍රදේශයේ මුස්ලිම් මැති ඇමැතිවරුන් පක්‍ෂ විපක්‍ෂ සියලූ මුස්ලිම් මන්ත‍්‍රීවරුන් නගරාධිපතිවරුන්, නිසාවෙන් මුස්ලිමුනට ඇති වන චෝදනා සියල්ල පොළව යටට වැළලී ගියේය.

ඔවුන් සිය ජාතිය රකින්නේ එලෙසිනි.

බහුතරයක් දමිළ වැසියන් එකල දමිළ ඊළම් රාජ්‍යයක් උතුරේ ස්ථාපිත වනවා දැක්මට අපේක්‍ෂා කළ අයුරින්ම ඇතැම් අන්තවාදී මුස්ලිමුන් නැගෙනහිර මුස්ලිම් රාජ්‍යයක් වනවාට කැමැත්තක් දක්වන්නේ තමන්ටත් මේ කුඩා රටේ කුඩා බිම් කඩක් හෝ නමටම ලියා ගන්නටය. එහි පුත්තලම වරාය නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සිහින දකින්නේ, පෙර රජ දවස ‘‘මා`ගුල් තොටමුණ’’ නමින් මෙහි කුඩා තොටුපළක්ද පැවැති නිසාවෙනි. ඔවුන්ගේ සිහින හෙළි කර ගැනීම් උදෙසා ඔවුහු යුහුසුළුව කැප වෙමින් සිටිති. ඔවුන්ගේ ප‍්‍රධාන නිහඬ අවි දෙකකි. පළමුවැන්න රටේ ප‍්‍රදේශයේ වෙළෙඳාම, ආර්ථිකය තම අතට ගැනීමයි. දෙවැන්න ඔවුනගේ පරපුර වර්ධනය කර ගැනීමයි. තරගකාරී මට්ටමින් පළමු කරුණු ඉටුකර ගනිමින් තිබියදී දෙවන කරුණට තරගයක් නොමැතිව අපූරුවට ඉටු කර ගනිමින් තිබේ. හිස් ගෙඩි (ඔලූ) ගණනට රටේ සම්පත්, බෙදෙන බව බෙදා දිය යුතු බව ඔවුහු සිය කපටි මොළවලින් කල් තබාම හඳුනා ගෙන සිටිති. මේ සඳහා හොඳම උදාහරණය සපයන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවයි.

ප‍්‍රදේශයේ මුස්ලිම් ජනගහණය වැඩි පෙදෙස්වල මුස්ලිම් පාසල් වෙනමම ආරම්භ වී ඇති අතර, ඒවායේ ළමුන් තුන් හාරදහසින් පිරී සිටින්නේ, මුස්ලිමුන්ගේ ජනගහණ වැඩි කිරීමේ ක‍්‍රමය අනුවමය.

සිංහල හෝ දමළ උදවිය සිය කුටුම්බයන් පවුල් සංවිධාන කරමින් සංකෝචනය කර ගනිද්දී, මුස්ලිමුන්ගේ ජනගහණය ප‍්‍රසාරණය වී අවටද උතුරා යයි. පාසලට අධ්‍යාපන දෙපාර්තමේන්තුව සම්පත් බෙදා දෙන්නේ ළමුන්ගේ ‘‘හිස් ගෙඩි’’ අනුවයි. ඒ අනුව මුස්ලිම් පාසලට, ඉඩම්, ගොඩනැගිලි ක‍්‍රීඩා පිටි පුත්තකාල, නවීන ස්මාට් පංති කාමර, මහින්දගෙන් මහින්දෝදය විiාගාර රනිල්ගෙන් හොඳම පාසල, ළගම පාසල තාක්‍ෂණික භාෂාගාර සුපිරි පරිගණක සපිරි නව ලෝකයට පිවිසෙන පහසුකම් සහිත ගොඩනැ`ගිලි පමණක් නොව, ගුරුවරු අනධ්‍යයන කාර්ය මණ්ඩල, උපකරණ සියල්ල ලැබේ. සිංහල පාසලක සිටින පනස් දෙනාට මේ පහසුකම් ලැබේද? මා දන්නා සිංහල පාසලක් ආරම්භ කොට වසර හැත්තෑ පහක් ගත වී තිබුණද, ළමුන් මේ වන විට සිටියේ පනස් දෙදෙනකි. රිෂාඞ් බදියුදින් මුස්ලිම් අමාත්‍යවරයාගේ නම තඩි අකුරින් ගසා ඇති පාසලක් ආරම්භ කොට වසර දෙක තුනක් ගත වූ පසුව එහි ළමෝ තුන්දහසකට (3000) ආසන්න පිරිසක් සිටියහ. මුස්ලිම් පාසලට පැළෙන්නට උතුරන්නට අධ්‍යාපන සම්පත් ලැබුණු අතර සිංහල පාසලට කරුමෙට මෙන් කිසිත් ලැබුණේ නැත. ඒ මේ දිස්ත‍්‍රික්කයේ මුස්ලිමුන්ගේ කෙරුවාවයි.

සිංහල මන්ත‍්‍රීවරුන් ඇමැතිවරුන් සිටියද, ඔවුන්ගේ පරමාර්ථය වුයේ තම ජාතියට උපකාර කිරීම නොව තම සාක්කු පුරවා ගැනීමයි. ඇතැම්හු විටින් විට තම ජනතාව වෙත භීක්‍ෂණය, භීතිය වපුළා දැමූහ. ඌරන් කැකුණ තළන විට හබන් කුකුළන්ට ම`ගුල් කීවා මෙන් මේ සිංහල ජන අරගල අස්සේ මුස්ලිමුන් තම ව්‍යාපාරද, ජනගහණයද වර්ධනය කර ගත්තේ යටි සිතින් සිනාසෙමිනි. අන් කවර අංශවලින් වුවද සම්පත් ගලා යන්නේ මුස්ලිමුනටම මිස එම පෙදෙස්වල සිංහලූනට නොවේ යැයි පැහැදිලිය.

පසුගිය පාස්කු ප‍්‍රහාරයේ වගකීම හා කාර්යභාරය සහරාන් ඇතුළු (මිථ්‍යාදෘෂ්ඨික) මුසල්මානුවනට පැවැරෙන විට රටේ කිතුණුවන්ගේ ආවේගය මැඩලූයේ, කාදිනල්තුමන්ය. එසේ නොවන්නට මහත් ව්‍යවසනයක්, විනාශයක් ඝාතන රැසක් පුත්තලම දිස්ත‍්‍රික්කයේද සිදුවීමට ඉඩ තිබුණි. එසේම ආරක්‍ෂක, අංශද, රජයද නිසි ආරක්‍ෂක ක‍්‍රියාමාර්ග ගෙන තිබුණි. නමුත් තමුන්ට ප‍්‍රහාරයක් එල්ල වුවහොත් පහරට පහර දීමේ අඥාන වුද, කිසිදින පිරිමසා ගත නොහෙන පාඩු සිදුවන්නා වූද ක‍්‍රියාමාර්ගයන් ඇතැම් උද්වේගකර මුස්ලිම් තරුණ පිරිස් පල්ලිවල කඩු තබාගෙන සිටිමින් ඉටු කරමින් සිටි බව වාර්තා වී තිබුණි.

මේ සෑම දෙයින් පෙනී යන්නේ කුමක්ද? මහ ජාතිය පිළිබඳ අවිශ්වාසය පමණක්ම නොවේ.

කලිමාව අදහන්නා ස්වකීය මානසික පවිත‍්‍ර භාවයෙන් හා යහපත් කල්ක‍්‍රියාවෙන් විනා සිය ගැලවුමට හා ජයග‍්‍රහණයට අන් මගක් නැතැයි වටහා ගෙන සිටී. කිසිදු අවශ්‍යතාවක් නැති, කිසිවකුට බැඳී, නැති දිව්‍යමය භාවය කෙරෙහි කිසිදු බාහිර බලපෑමක් කළ නොහැකි ඉඳුරා සාධාරණ වූ අල්ලාහ් කෙරෙහි ඔහු තුළ පූර්ණ විශ්වාසයක් පවතී.

ටෙරන්ස් – වනිගසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment