පුත්තලම, අනුරාධපුර සහ ගාල්ල 2 අපරාජිතයි

67

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (24 දා) පැවැති තරගවලදී කොළඹින් පිට දිස්ත්‍රික් කණ්ඩායම් වන පුත්තලම, අනුරාධපුර සහ ගාල්ල 2 යන දිස්ත්‍රික් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරමින් අදාළ කාණ්ඩවල අපරාජිතව පෙරමුණ ගැනීමට සමත්වූයේය.

මෙහිදී පුත්තලම් දිස්ත්‍රික්කය වයඹ පළාතෙන්ද අනුරාධපුර දිස්ත්‍රික්කය උතුරු මැද සහ නැගෙනහිර පළාත් කාණ්ඩයෙන්ද ගාල්ල 2 කණ්ඩායම දකුණ සහ ඌව පළාත් කාණ්ඩයෙන්ද පෙරමුණ ගෙන සිටී.

පුත්තලමට කඩුලු 5 ක ජයක්

කුරුණෑගල කලාප 1 පන්දුවාර 47.4 කදී සියලු දෙනා දැවී ලකුණු 188 යි – (ප්‍රවීන් සත්සර 48, යශාන් සවිඳු 20, මනාන් මුසම්මිල් 36, මහිම කොටුවිල 27, චතුමල් නිමේස් 29/3, මෙනූෂ පෙරේරා 33/2)

පුත්තලම පන්දු වාර 36.1 කදී කඩුලු 5 ට ලකුණු 190 යි – (විශ්ව රාජපක්ෂ 80, තිසර මදුශාන් 33, මලීෂ නෙසිත 18, දසුන් පෙරේරා 14, මෙනූෂ පෙරේරා 10, මනාන් මුසම්මිල් 36/2

අනුරාධපුරයට කඩුලු 8 ක ජයක්

මුලතිව් පන්දු වාර 26.5 කදී සියලු දෙනා දැවී ලකුණු 69 යි – (නඩරාජ ඩිලක්සන් 11, නිර්මාල් දේවින්ද 11/2, කවිඳු ගිහාන් 06/2)

අනුරාධපුරය පන්දු වාර 8.4 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 73 යි – (අශාන් ඉසුරංග 41, දිලාල් රණසිංහ 21,)

ගාල්ල කලාප 2 ට ලකුණු 73 ක ජයක්

ගාල්ල කලාප 2 පන්දු වාර 50 කදී කඩුලු 9 ට ලකුණු 277 යි – (චෙහාන් සුබසිංහ 79, පවන් සංදේශ් 10, දර්ශක සංදීප් 41, සඳරු තීක්ෂණ 20, දසුන් චමෝද් 72, සෙනෙත් සෙසාන් 20, තරූෂ සංකල්ප 62/2, විශ්ව සුපුන් 44/3, කුෂාන් විජේරාම 43/2, භානුක ඉන්සමාල් 29/2)

මාතර පන්දු වාර 47.2 කදී සියලු දෙනා දැවී ලකුණු 204 යි – (චමරිඳු නෙත්සර 50, මිතිල චාර්ල්ස් 49, විශ්ව සුපුන් 11, තරූෂ සංකල්ප 39, සදෙව් රිත්මක 19, තරින්ද නිර්මාල් 41/4, ඉරුෂික තිමිර 38/3)

advertistmentadvertistment
advertistmentadvertistment