පුතාගෙන් පහරකෑ මවගේ අනියම් සැමියා රෝහලේදී මරුට

647

ආණමඩුව කොට්ටුකච්චිය කිවුල ප‍්‍රදේශයේ සිව්දරු පියකු පොලූ‍ මුගුරුවන් පහර දීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතරුව මිය ගොස් ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය පැවසීය.

මෙසේ මරණයට පත්ව ඇත්තේ කිවුල අබේසිංහ හේරත් මුදියන්සේලාගේ රන්බණ්ඩා නමැති 64 හැවිරිදි සිව්දරු පියකු වේ.

කිවුල කොට්ටුකච්චිය ප‍්‍රදේශයේ 60 හැවිරිදි කාන්තාවක් සමග කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධතාවක් ගැන කාන්තාවගේ පුත‍්‍රයා දැන ගැනීමෙන් පසුව කෝපයට පත් ඔහු අතින් පයින් හා පොලූ මුගුරුවලින් මොහුට පහර දී තිබේ.

පහරකෑමට ලක්ව වූ අය පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර අසාධ්‍ය තත්වයෙන් සිටි තුවාලකරු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමෙන් පසුව කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී 8 වන දින දහවල් මරණයට පත්ව ඇති බව පොලිසිය කියයි.

අදාළ ඝාතනයට සම්බන්ධ 60 හැවිරිදි කාන්තාවගේ පුත‍්‍රයා අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ තම මව සමග මෙම සැකකරු ඇද මත එකට අඹු සැමියන් ලෙස සිටිනු දැක කෝපයට පත්ව බැන වැදුණ බවත් එහිදී මරණකරු සමග ඇතිවු බහින්බස් වීමෙන් පසුව පොල්ලකින් පහර දුන් බවත්ය.

සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පුත්තලම මුලස්ථාන පොලිසියේ වැඩබලන මුලස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එස්. උඩුකුඹුර මහතා සමග අපරාධ අංශ ස්ථානාධිපති ඒ.එච්.එම්.හේරත් මහතා ඇතුළු නිලධාරින් පරීක්ෂණ සිදු කරයි.

අමරනන්ද විජේසේකර-මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment