පුතාගේ අවුරුද්දේ පිංකම කරලා  සති දෙකෙන් මහත්තයත් අපිව දාල ගියා….  බිරිඳ හඬා වැටෙයි

1358

‘දුවගේ විවාහ මංගල උත්සවය මැයි මාසයේ පවත්වන වැඩ කටයුතු ගැන කතාකරලා ගෙදරින් ගිය මහත්තයාට මෙහෙම විපතක් වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ’ යනුවෙන් සුදර්ශනී පාලිකා මහත්මිය හඬා වැටෙමින් පැවසුවාය.

පුතාගේ අවුරුද්දේ පිංකම තියලා සති දෙකයි. මහත්තයාගේ මරණයේ වේදනාව මම දරාගන්නේ කොහොමද? අවුරුද්දක් ඇතුළත ගෙදර හිටපු පිරිමි දෙන්නම නැතිවුණා. මමයි දුවයි මේ ලෝකේ තනිවුණා යැයිද ඇය පැවසුවාය.

අඩි 200 ක් පමණ උස දුරකථන කුළුණකින් ඇදවැටී මියගිය දෙදරු පියෙකුවූ ඒ. රුවන් රණවීර මහතාගේ දේහය ඒ මහතා පදිංචිව සිටි පානදුර, නල්ලූරුව, සංඝානන්ද මාවතේ නිවසට අපි ඊයේ (17 දා) යනවිටත් රැගෙනවිත් තිබිණි.

ඒ. රුවන් රණසිංහ මහතාගේ අවසන් කටයුතු පානදුර, නල්ලූරුව පොදු සුසාන භූමියේ දී අද (18 දා) පස්වරුවේ සිදුකෙරේ.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment