පුතාගේ පහර කෑමෙන් මහළු මව රෝහලේදී මිය ගිහින්

264

පුතා විසින් පහර දී නිවසේ අසාධ්‍ය තත්වයේ සිටි මහළු මවක් ගම්පහ දිස්ත‍්‍රික් රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ මහ රෝහලට ඇතුලත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව ගම්පහ පොලිසිය සඳහන් කරයි.

හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත ගම්පහ පොලිසිය මගින් මෙම මව රෝහලට ඇතුලත් කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පහ මාකවිට උතුර පදිංචි වී සිටි 76 හැවිරිදි මහකුල්ලගමගේ සොපි නෝනා නැමති මවයි.

මියගිය මවගේ පුත‍්‍රයා මෙම මරණය සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ගම්පහ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගම්පහ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි

අපරාධ විම3⁄4ශන අංශයේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කළ්‍යාණතුංග මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක

චතුරංග, පොලිස් කොස්තාපල්වරුන් වන තරංග (70567) සහ හේරත් (87428) යන නිළධාරීහූ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ගම්පහ සමූහ – සුසිල් රණමුක සහ යක්කල රුවන් සමන්ත අධිකාරී
 

advertistmentadvertistment
advertistmentadvertistment