පුතාගේ ෆෝන් එකේ ස්ක‍්‍රීන් එක පැහැදිලි නැහැ කියලා හැමදාම කිව්වා – කවිඳුගේ මව, ජිනාදරි ප‍්‍රියන්ගිකා

820

දොර රෙද්ද ජනෙල් කවුළුවක ගැටගසා කෙළවර ගෙලේ බැඳ ඉදිරියට ලිස්සා  යෑමෙන් ගෙල සිරවී මරණය සිදුවෙලා  – අධිකරණ වෛද්‍ය නිලධාරී

වසරකට අධික කාලයක් පුරා පාසල් අධ්‍යාපනය අහිමි පාසල් සිසු සිසුවියන් ඔන්ලයින් මාර්ගගත අධ්‍යාපනය තුළින් විෂය දැනුම ලබාගැනීමට පුරුදුවී සිටියත් දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවලට සංඥා පහසුකම් නොමැති අතර තවත් පිරිසකට සුදුසු ස්මාර්ට් ජංගම දුරකථන නොමැතිවීම සිසුන් මෙන්ම දෙමාපියන් ද දැඩිසේ පීඩාවට පත්ව සිටිති.

ඔන්ලයින් පන්ති යන්න සුදුසු ස්මාර්ට් දුරකථනයක් නැතිව දහය වසරේ අධ්‍යාපනය ලබන සිසුවකු (16)  ඔහුගේ කාමරය තුළදී සියදිවි හානිකර ගැනීමේ අවාසනාවන්ත සිදුවීමක් පසුගියදා වාරියපොළ ප‍්‍රදේශයේ වාර්තා විය.

පිරිමි දරුවන් දෙදෙනකු සහ බාල සොයුරියකු සිටින පවුලේ දෙවැනි දරුවා වන ප‍්‍රදේශයේ පාසලක 10වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබු කවිඳු දිල්හාන් කේෂර විජේරත්න සිසුවා ඔන්ලයින් යන්න දුරකථනය නැතිව ඔහුට දිවිය එපා වී ජීවිතයෙන් සමුගත්හ.

පාසලේ අධ්‍යාපන කටයුතුවල මෙන්ම විෂය සමගාමි ක‍්‍රියාකාරකම්වලදී ද කැපීපෙනෙන දක්ෂතා දක්වන කවිඳු පාසලේ ගුරුමණ්ඩලයේ විශ්වාසය දිනාගත් සිසුවෙකු බවද පැවසේ.

පසුගිය 16 දින නිවසෙන් බැහැර කිසියම් වැඩකට සහභාගිවූ දෙමාපියන් නැවත නිවසට පැමිණියේ පස්වරු 2.30ට පමණය.

වැඩිමල් සොයුරු සමන්ත සහ දිවියෙන් සමුගත් කවිඳු නිවසේ මෙදින කාමර දෙකක සිටියහ. දෙමහල් නිවසේ බිම් මහලේ කාමරය කවිඳු ගේ කාමරය විය. නිවසට පැමිණි මව, දිවා ආහාරය ගැනීමට මල්ලීට කතා කරන ලෙස වැඩිමල් සොයුරාට පවසා ඇත. කවිඳුට කතා කළත් පිළිතුරක් නොමැති නිසා දොරවිවර කිරීමට සූදානම් වූවත් කාමරයේ දොරගුළුලා තිබූ බැවින් මව ඉදිරි පසින් ගොස් විවරකර තිබූ ජනේලයෙන් දුටුවේ ගෙල වැලලා ගෙන

සිටින කවිඳු දරුවාය. දැඩිසේ කම්පනයට පත්වූ ඇය කෑගැසීමත් සමග කවිඳුගේ පියා සහ වැඩිමල් සොයුරා කාමරයේ දොරගුළු කඩා ගෙල වටා තිබූ දොර රෙද්ද ඉවත්කර 1990ට කතා කර ඇත. ගිලන් රථයේ පැමිණි ගිලන් රථ සේවකයින් පවසා ඇත්තේ මියගිය අය ගිලන් රථයෙන් රෝහලට රැුගෙන නොයන බවයි. දරුවා මියගිය බව දැනගැනී මෙන් පසු 119 ඇමතුමකින් වාරියපොළ පොලිසියට දැනුම්දී ඇත.

වාරියපොළ පොලිසියේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් පැමිණ , අදාළ පරීක්ෂණ කටයුතුකර, වාරියපොළ වැඩබලන මහෙස්ත‍්‍රාත්ගේ නියෝගමත දිගමිපිටිය කෝරළයේ හදිසි මරණ පරීක්ෂක පේ‍්‍රම පුෂ්ප හේරත් මහතා විසින් මරණ පරීක්ෂණය සිදුකර ඇත.

කවිඳු සිසුවාගේ මෘතදේහය මහෙස්ත‍්‍රාත් නියෝගමත පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්.ඒ.ඞී.පී.චමින්ද මහතා වෙත යොමුකරන ලදී. අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ පරීක්ෂණ වාර්තා අනුව ,ඇඳ ඇතිරිල්ලක් ගෙලෙහි ගැටගසා ලිස්සා යෑමෙන් ගෙල සිරවී හුස්ම හිරවී මෙන් සිදුවූ මරණයක්බව සනාථ විය.

ජීවිතක්ෂයට පත්වූ කවිඳු සිසුවා සතුව තිබූ ජංගම දුරකථනයේ ස්ක‍්‍රින් එක පැහැදිලි නොවන නිසා අලූත් ස්මාර්ට් දුරකථනයක් මිලදී ගෙන දෙනමෙන් ඔහුගේ පියාට කීපවිටක්ම කියා ඇවටිලි කළත් එය අතපසුවී ඇතිබවත්,මෙය සිදුනොකළ නිසා සිත්තැවුලට පත්වූ කවිඳු, කාමරයේ හුදෙකලාව සිටියදී මෙවැනි තීරණයකට එන්න ඇතැයිද, දරුවාගේ මව කියාසිටියා ය.

කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප‍්‍රියන්ත, කුරුණෑගල ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි ක‍්‍රිෂාන්ත ජයවර්ධන සහ වාරියපොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරි චන්ද්‍රසේන බණ්ඩාර මහත්වරුන්ගේඋපදෙස් මත, වාරියපොළ පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර තලවත්ත මහතාගේ නියෝගයෙන් , ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප ආරියරත්න සහ පො.සැ 5756 ලක්ෂිත ඇතුළු පොලිස් නිලධාරීන් පොලිස් පරීක්ෂණ පවත්වා ඇත.

ආර් එම් ඩබ්ලිව් බණ්ඩාර- කුරුණෑගල
 

advertistmentadvertistment
advertistmentadvertistment