පුතා එවපු කෝටි දෙක දෙදාහ ගානේ අසරණයින්ට බෙදූ වෙස්සන්තර පියා පොලිසියට කුදලාගෙන ගිහින්

614

යාපනයේ උඩුප්පිඩි වදිරියන් පාරේ නිවසකදී රුපියල් කෝටි දෙකක මුදලක් පළාතේ ජනතාව අතර එක් අයෙකුට රුපියල් 2000 බැගින් පරිත්‍යාග කරමින් සිටි පුද්ගලයින් තුන් දෙනෙකු නෙල්ලිඅඩි පොලිසිය විසින් නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත 6 දා අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ රටක සිටින පුතෙකු විසින් තම පියාට රුපියල් කෝටි දෙකක මුදලක් එවා මේ දිනවල අසරණ තත්ත්වයට පත්ව සිටින පවුල්වලට එම මුදල එක් අයෙකුට රුපියල් 2000 බැගින් ලබා දෙන මෙන් දැනුම් දී තිබේ.

පුතා එවපු කෝටි දෙක දෙදාහ ගානේ අසරණයින්ට බෙදූ වෙස්සන්තර පියා පොලිසියට කුදලාගෙන ගිහින්

වයෝවෘද්ධ පියා පවුලේ තවත් දෙදෙනෙකු සමග එම මුදල බෙදා දීම ආරම්භ කළ විට ආරංචිය ලද යාපනයේ වැසියෝ දෙදහසකට වැඩි පිරිසක් පැමිණ දිගු පෝලිමක සිට මුදල් ලබා ගැනීමට පටන් ගෙන තිබේ.

එසේ පැමිණි පිරිසෙන් විශාල පිරිසක් මුව ආවරණ පවා පැළ`ද සිට නොමැති අතර නිරෝධායන ඇ`දිරි නීතිය ක‍්‍රියාත්මක වන මොහොතක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් විශාල ජනකායක් එක් ස්ථානයකට රැුස් කිරීමේ චෝදනාව මත වයෝවෘද්ධ පියා හා ඥාතීන් දෙදෙනා අත් අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ.

ඒ වන විට රුපියල් 2000 බැගින් පුද්ගලයින් 500 දෙනෙකු පමණ ලබා ගෙන සිටි අතර ඉතිරි පිරිස පොලිසිය විසින් අවවාද කොට පලවා හැර තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment