පුතා පැදවූ ලොරිය පහන් කණුවක ගැටී මව මරුට

91

මළගෙදරකට ගොස් නැවත නිවෙස වෙත ලොරි රථයකින් පැමිණෙමින් සිටිය දී පුතා පැදවූ ලොරි රථය පාලනයෙන් ගිලිහි මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහන් කණුවක ගැටී සිදුවූ අනතුරකින් එහි ඉදිරිපස ගමන් ගත් මව බරපතළ තුවාල ලබා මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කරුණාරත්න මුදලිගේ පුණ්‍යාවති නමැති පිටිපන උතුර පදිංචිව සිටි 79 හැවිරිදි කාන්තාවකි. එම අනතුරින් බරපතළ තුවාල ලබා ඇති ලොරි රථයේ රියැදුරු අනතුරින් මියගිය කාන්තාවගේ පුතා බවට හඳුනාගෙන තිබේ. ඔහු සතුව රියැදුරු බලපත්‍රයක් නොතිබුණු බවත් පොලිසිය කියයි. මෙම අවස්ථාවේ ලොරි රථයේ පසුපස ගමන්ගත් කිහිප දෙනකුද සුළු තුවාල ලබා ඇත.

31 වැනිදා රාත්‍රි 11.30ට පමණ සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් මීගොඩ පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත මියගිය අයගේ මරණ පරීක්ෂණය හෝමාගම මුලික රෝහලේදී හෝමාගම හදිසි මරණ පරීක්ෂක චින්තක උදය කුමාර මහතා විසින් සිදුකරනු ලදුව ඉදිරිපත්වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තාවලට අනුව බෙල්ල ප්‍රදේශයේ කශේරුකාවට සිදුවූ බරපතළ හානි මත සිදුවුණු හදිසි මරණයක් ලෙසට නිගමනය කරන ලදී.

ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment