පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කළ අයකු නිදහස් කිරීමට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ

126

පසුගිය වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ ඇවිලූණු වර්ගවාදී ගැටුම්වලදී පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා මරා දැමීමේ චෝදනාවට ලක්ව අත්අඩංගුවට පත් වූ 18 හැවිරිදි වියෙහි පසු වූ කයිල් රිටන්හවුස් නමැත්තාට එරෙහිව තිබූ සියලූ චෝදනාවලින් නිදහස් කිරීමට අධිකරණය මගින් පියවර ගෙන තිබේ. ඉකුත් සිකුරාදා දිනයේ (18දා) අධිකරණ තීන්දුව ප‍්‍රකාශයට පත් වීමෙන් පසු ඇමරිකාවේ නගර කිහිපයකම මෙම තීන්දුවට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කර ඇති බව වාර්තා වේ.

 කළු ජාතිකයෙකු වූ ජාකොබ් බ්ලේක් නමැත්තාට සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී විස්කොන්සින් ප‍්‍රාන්තයේ කෙනොෂා නගරයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණයේදී කයිල් නමැත්තා විසින් ස්වයං ආරක්ෂාව සඳහා වෙඩි තැබීමෙන් ජෝසෆ් රෝසන්බවුම් (36) හා ඇන්තනි හුබර් (26) නමැති දෙදෙනා මිය ගොස් ග්‍රොස්ක‍්‍රවුට්ස් (28) නමැත්තා තුවාල ලබා තිබිණි. ස්වයං ආරක්ෂාව වෙනුවෙන් සිදු වූ වෙඩි තැබීමක් සේ සලකමින් කයිල්ව ඔහුට එරෙහිව තිබු සියලූ චෝදනාවලින් නිදහස් කිරීමේ තීන්දුවට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ද විරෝධය පළ කර ඇති අතර තමා තීන්දුව පිළිබඳව දැන ගැනීමෙන් පසු කෝපයට පත් වූ බව මාධ්‍යයට පවසා තිබේ. මෙම අධිකරණ තීන්දුවට එරෙහිව පෝට්ලන්ඞ් ඔරිගන් නගරයේ හටගත් උද්ඝෝෂණවලට සහභාගි වූ 200ක් පමණ දෙනා නගරයේ නිවෙස්වල වීදුරු ගල් ගසා බිඳ දමා තිබේ. ජනතාවට සාමකාමීව නඩු තීන්දුවට අවනතව කටයුතු කරන ලෙස ඇමරිකානු බලධාරීහු ජනතාවගෙන් ඉල්ලීම් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment